මවුපියන් කළ පැමිණිල්ලට ස්ටේෂමේදීම පොලිස් දැලේ
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනකු එම දුම්රියෙන්ම ගමන් කරමින් සිටි කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටින හැටන් ප්‍රදේශයේ පදිංචි සිසුවියකට දුම්රිය තුළ දී හිරිහැර කොට තිබේ. එම හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව සිසුවිය විසින් ඇයගේ දෙමව්පියන්ට දුරකථනයෙන් ඒ බවට කළ දැනුම් දීමක් මත මව්පියන් විසින් හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් තරුණයන් සයදෙනා පෙරේදා සැකපිට අත්අඩංගුවට ගෙන ගැනිණි.
අත්අඩංගුවට ගත් තරුණයන් සයදෙනා කොළඹ අවට පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩවල පසුවන අය බවත් පොලිසිය කියා සිටියේය. සැකකරුවන් (18) දින හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් එස්. රාම්මුර්ති මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හැර යළිත් මෙම නඩුව ලබන මස (02) දින කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
හැටන් – රංජිත් රාජපක්ෂ