Friday, May 16, 2025
Home » St Regis ඇසුරුම්: තේ ඇසුරුම්කරණයේ පුරෝගාමී තිරසාර නවෝත්පාදනය
ජාත්‍යන්තර තේ දිනය

St Regis ඇසුරුම්: තේ ඇසුරුම්කරණයේ පුරෝගාමී තිරසාර නවෝත්පාදනය

by sachintha
May 21, 2024 1:12 am 0 comment

St.Regis සමාගම සිය තොග තේ ඇසුරුම් කෙන්යාව, රුවන්ඩාව, ආර්ජන්ටිනාව, ඉන්දුනීසියාව, චීනය, වියට්නාමය සහ ඉන්දියාව ඇතුළු ලොව පුරා තේ නිෂ්පාදනය කරන රටවලට අපනයනය කරයි.

1996 දී St Regis Packaging Pvt Ltd සිය ගමන ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ විප්ලවීය නවෝත්පාදනයක් සමඟිනි. Original Rigid-T-Sack හඳුන්වාදීම මගින් සාම්ප්‍රදායික ලී තේ පෙට්ටිය ප්‍රතිස්ථාපනය කරන ලද අතර, තොග තේ ඇසුරුම්කරණයේ සැලකිය යුතු ඉදිරි පිම්මක් සනිටුහන් කළේය. මේ නවෝත්පාදනය ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ තේ ගබඩා කිරීමේ සහ ප්‍රවාහන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවූ අතර තේ කර්මාන්තයේ තිරසාරත්වය හා සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා ද අත්වැලක් විය.


අප ආ ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ඨාන.

St Regis Packaging වන අප අඛණ්ඩව කර්මාන්තය තුළ ඇගයීම් ලබා ඇත්තේ ගුණාත්මකභාවය සහ තිරසාරභාවය සඳහා වන නොසැලෙන කැපවීම නිසාවෙනි. වසර ගණනාවක් පුරා සමාගමේ විශිෂ්ටත්වය සඳහා වූ ජයග්‍රහණ කෙටියෙන්.

2007: ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූලව තොග තේ ඇසුරුම් සහ සමාගම් මෙහෙයුම් සඳහා ISO 22000 සහ HACCP සහතික ලබා ගන්නා ලදී.

2015: ආහාර සුරක්ෂිතතා කළමනාකරණයේ ඉහළම ප්‍රමිතිය වන FSSC 22000 22000 සහතිකය ලැබූ තොග තේ ඇසුරුම් අංශයේ පළමු සමාගම බවට පත් විය.

2016: උසස් නිෂ්පාදන ගුණාත්මක බව සහතික කරමින් Original Rigid-T-Sack සහ Multiwall Paper Sacks යන ද්විත්වයටම පළමු SLS සහතිකය ලබා ගන්නා ලදී.

2017: පාරිසරික වගකීම ඉස්මතු කරමින් 3 Ply Extensible Multiwall Paper Sacks සඳහා පළමු කාබන් පිය සටහන තක්සේරුව සිදු කරන ලදී.

2023: තිරසාරභාවය සඳහා පුරෝගාමී ප්‍රවේශයක් සනිටුහන් කරමින්, Original Rigid-T- Sacks සහ Multiwall Paper Sacks ඇතුළුව සමස්ත නිෂ්පාදන පරාසය සඳහා Zero Carbon සහතිකය ලබා ගන්නා ලදී.

ගෝලීය පාරිසරික අක්තපත්‍ර වැඩි දියුණු කිරීම

St Regis Packaging විසින් ලොව ප්‍රථම Zero Carbon නිෂ්පාදන සහතිකය ලබා ගැනීම තුළින් leafy teas සහ dust teas ඇසුරුම් කිරීම සදහා භාවිතා කරන original Rigid – t – sack සහ multiwall paper sack වලට ලෝකයේ විශේෂිත ස්ථානයක් අත්පත් කරගෙන ඇත. මේ සහතිකයෙන් අදහස් වන්නේ මේ ඇසුරුම්වල අසුරා ඇති සිලෝන් ටී වලට නිෂ්පාදන ක්‍රියාවලියේදී මුක්ත වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ශුන්‍ය කර ඇති බවයි. එමගින් සමස්ත තේ නිෂ්පාදන ක්‍රියාවලියේ කාබන පියසටහන අඩු කර ඇත.

තිරසාරත්වය තුළ කර්මාන්තයට නායකත්වය දීම

සතිපතා කොළඹ තේ වෙන්දේසියේදී අලෙවි වන තේවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට St Regis Packaging සමාගම දැනටමත් ඇසුරුම් සපයයි. මේ කර්මාන්තයේ පළමු ජයග්‍රහණය තේ කර්මාන්තය තුළ කාබන් පියසටහන් අඩු කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කිරීමට හේතු විය හැකි බව St Regis අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

කොළඹ තේ වෙන්දේසියේදී වාර්ෂිකව පැකේජ මිලියන හයක් පමණ වෙන්දේසි කරනු ලබන අතර, Zoro Carbon ඇසුරුම්වල තේ පිරිනැමෙන ලොව පළමු තේ වෙන්දේසිය බවට පත්වීමට කොළඹ තේ වෙන්දේසියට හැකියාවක් ඇත.

St Regis Packaging යන නමට බොහෝ ප්‍රමුඛ ස්ථාන ඇති අතර, අපගේ ප්‍රධාන නිෂ්පාදන ද්විත්ය සමඟ Zero Carbon තොග තේ ඇසුරුම් සපයන ලොව පළමු සමාගම වීම ගැන අපි ආඩම්බර වෙමු අධ්‍යක්ෂ පැවසීය.

“මේ නිෂ්පාදන අපගේ ගැනුම්කරුවන්ට කිසිදු අමතර වියදමකින් තොරව ලබා ගත හැකි බවත්, එමගින් ඔවුන්ගේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ කාබන් පිය සටහන් අඩු කරගත හැකියාවක් ඇති බවත්” තවදුරටත් කියා සිටියි.

මේ තිරසාර ක්‍රියාවලිය සාක්ෂාත් කරගැනීම සඳහා වූ උත්සාහයන්

මේ තිරසාර සන්ධිස්ථාන සාක්ෂාත් කර ගැනීම සඳහා, දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ තිරසාර විසඳුම් සපයන්නන්ගෙන් එකක් වන Climate and Conservation Consortium (CCC) හි විශේෂඥ සේවාවන් St Regis විසින් ලබා ගෙන ඇත. ඔවුන් මේ සමාගමේ

Multiwall Paper Sacks සහ Rigid-T-Sacks හි හරිතාගාර වායු (GHG) විමෝචනය තක්සේරු කළහ. විස්තීරණ නිෂ්පාදන කාබන් පිය සටහන් අධ්‍යයනය අමුද්‍රව්‍ය නිස්සාරණය, ප්‍රවාහනය සහ නිෂ්පාදනය ඇතුළුව නිෂ්පාදනයේ සියලු අදියරයන්හි අදාළ සියලු විමෝචන ආවරණය කෙරිණි.

තක්සේරුවෙන් පසුව, තෝරාගත් ඇසුරුම් පරිමාවක සම්පූර්ණ කාබන් පියසටහන ශුන්‍යයට ගෙන ඒම සඳහා ලියාපදිංචි ව්‍යාපෘතියකින් අනුකුල කාබන් credits සංඛ්‍යාවක් St Regis ලබාගෙන ඇත. ඇගයීම් ප්‍රතිඵල සහ හිලව් කිරීමේ ක්‍රියාවලිය ස්වාධීන කණ්ඩායමක් වන SFG (sustainable future group) විසින් තහවුරු කිරීමෙන් පසුව ඔවුන්ගේ හිමිකාරිත්වය දරන Zero Carbon සහතිකය පිරිනමන ලදී.

හරිත අනාගතයක් සඳහා කැපවීම

St Regis ඇසුරුම්කරණය සෑමවිටම පාරිසරික නවෝත්පාදනයන්හි ඉදිරියෙන්ම සිටී. 1996 දී Rigid-T-Sack සොයා ගැනීම සහ පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමෙන්, සමාගම තේ නිෂ්පාදකයන්ට මිල අධික සහ පරිසර හිතකාමී නොවන ප්ලයිවුඩ් පෙට්ටි ප්‍රතිස්ථාපනය කිරීමට හැකියාව ලබා දුන්නේය. සමාගමේ අනෙකුත් ප්‍රථමයන් අතරට කාබන් පියසටහන් තක්සේරු සහතිකයක් ලබා ගැනීම සහ දැන් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා Zero Carbon Products සහතිකය ද ඇතුළත් වේ.

තිරසාර තේ කර්මාන්තයක් සඳහා දිරිමත් කිරීම

St Regis හි අරමුණ වන්නේ තේ කර්මාන්තය Green Bottom line පවත්වා ගැනීමට දිරිමත් කිරීම සහ පිරිසුදු ලංකා තේ ලොව නිපදවන පළමු Carbon Neutral තේ බවට පත් කිරීමට කටයුතු කිරීමයි. මෙය ශ්‍රී ලංකාවේ හරිත ආර්ථික ප්‍රතිපත්තිය සමඟ සමපාත වන අතර පාරිසරික වගකීම අගය කරන සුවිශේෂී වෙළෙඳපොළක් සඳහා පහසුකම් සපයයි.

ආයතනයක මුල්‍ය ක්ෂේත්‍ර පත්‍රය කාබන්ඩයොක්සයිඩ්වලින් තොර ඔක්සිජන්වලින් වැසුණු ක්ෂේත්‍ර පත්‍රයක් වීම වඩාත් පරිසර හිතකාමී බව තහවුරු කරන බවට සාක්ෂියක් වන බව අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසීය.

තේ කර්මාන්තයේ හරිත සේදීම: මහජන ප්‍රකාශන සහ මිලදී ගැනීමේ පිළිවෙත් අතර දැඩි වෙනසක්.

අලෙවි සහ විකුණුම් ප්‍රධානී චානක අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසුවේ, “මෑත වසර කීහිපය තුළ බොහෝ තේ නිෂ්පාදන සමාගම් විවිධ මාධ්‍ය නාලිකා හරහා තිරසාර සංවර්ධනයට කැපවීම ගැන උදම් අනමින් තම කාබන් පියසටහන අඩු කිරීමට ප්‍රසිද්ධියේ කැපවී සිටින බවයි. ඔවුන්ගේ දැක්ම සහ මෙහෙවර ප්‍රකාශයන් සකස් කර ඇත්තේ තිරසාර අනාගතයක් සඳහා වූ කැපවීම පිළිබිඹු කිරීමටය. කෙසේ වෙතත්, මේ සමහර සමාගම් සමඟ අපගේ සෘජු අන්තර්ක්‍රියාවන්හිදී වෙනත් කතාවක් හෙළි කරයි.

අපි ඔවුන්ගේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද තිරසාර ඉලක්ක සමඟ සමපාත වන නිෂ්පාදන ඉදිරිපත් කරන විට – ශුන්‍ය කාබන් සහතික කළ නිෂ්පාදන සහ දැඩි පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වන නිෂ්පාදන – ඔවුන්ගේ මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවලින් පුදුම සහගත උදාසීනත්වයක් අප දැක ඇත. හරිත සංවර්ධනය සඳහා සමාගම්වල කැපවීම ප්‍රකාශ කළ ද, සාකච්ඡාවලදී අප මුහුණ දෙන මූලික අභියෝගය වන්නේ මිල මිස පාරිසරික ප්‍රතිලාභ නොවේ. මිලදී ගැනීමේ දෙපාර්තමේන්තු බොහෝ විට පිරිවැය අඩු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් ශුන්‍ය කාබන් සහතිකය නොසලකා හරිති.

සමාගම්වල ඉහළ කළමනාකාරිත්වයේ ප්‍රකාශයන් සහ ඔවුන්ගේ මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවල ක්‍රියා අතර මේ විෂමතාව මහජනතාව නොමඟ යවයි. දැක්ම සහ මෙහෙවර ප්‍රකාශයන්හි දී ලබා දී ඇති විශිෂ්ට පොරොන්දු, පාරිසරික තිරසාරභාවය සඳහා සැබෑ කැපවීමකට වඩා ධනාත්මක මහජන ප්‍රතිරූපයක් පවත්වා ගැනීම සදහා පමණක් බව පෙනී යයි. Green washing ලෙස හඳුන්වන මේ පරිචය, ආයතනික තිරසාර හිමිකම් මත පදනම්ව වැඩි වැඩියෙන් තේරීම් කරන පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් නොමඟ යවයි.

පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් වශයෙන්, අපි මේ සමාගම්වලින් විනිවිදභාවය සහ වගවීම ඉල්ලා සිටිය යුතුය. තේ නිෂ්පාදකයන් තම ප්‍රසිද්ධ ප්‍රකාශවල තිරසාරභාවය සඳහා කැපවීම ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.ඔවුන්ගේ අභ්‍යන්තර භාවිතය මේ අගයන්වලින් පිළිබිඹු විය යුතුය. තිරසාර අනාගතයක් සඳහා ඔවුන්ගේ දායකත්වය හුදෙක් අලෙවිකරණ උපාය මාර්ගයක් නොව අව්‍යාජ බව අපට විශ්වාස කළ හැක්කේ එවිට පමණි.

තේ නිෂ්පාදන සමාගම් විසින් තිරසාරත්වය සඳහා වන මහජන කැපවීම් සහ ඒවායේ අභ්‍යන්තර මිලදී ගැනීමේ පරිචයන් අතර ඇති පරස්පරතාව සැලකිය යුතු කරුණක් ඉස්මතු කරයි. මේ සමාගම් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ගේ ප්‍රකාශිත පාරිසරික ඉලක්ක සමඟ සමපාත වන බව සහතික කිරීම සඳහා වගවීම අත්‍යවශ්‍ය වේ. තිරසාර සංවර්ධනය යනු අලෙවිකරණය සඳහා වූ ප්‍රබන්ධ වාක්‍ය ඛණ්ඩයක් පමණක් නොව සමාගමේ මෙහෙයුම්වල සියලුම අංගයන් මෙහෙයවන මූලික මූලධර්මයක් විය යුතුය.

මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ගෝලීය ප්‍රවේශය

St Regis සමාගමේ කර්මාන්තශාලා බලශක්තියෙන් ස්වයංපෝෂිත වන අතර සූර්ය වහල අතිරික්ත බලශක්තිය ජනනය කරයි. කොවිඩ්-19 වසංගතය විසින් එල්ල කරන ලද අභියෝග නොතකා, St Regis තේ කර්මාන්තයට සහාය වීම සඳහා මෙහෙයුම් පවත්වාගෙන ගියේය. St.Regis සමාගම සිය තොග තේ ඇසුරුම් කෙන්යාව, රුවන්ඩාව, ආර්ජන්ටිනාව, ඉන්දුනීසියාව, චීනය, වියට්නාමය සහ ඉන්දියාව ඇතුළු ලොව පුරා තේ නිෂ්පාදනය කරන රටවලට අපනයනය කරයි.

St Regis Packaging Pvt Ltd සිය නව්‍ය, තිරසාර විසඳුම් සහ ගුණාත්මකභාවය සඳහා කැපවීමෙන් තොග තේ ඇසුරුම් කර්මාන්තයට නායකත්වය දෙමින්, ගෝලීය වේදිකාවේ Ceylon Tea සඳහා හරිත අනාගතයක් සඳහා වේදිකාව සකසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT