Sunday, May 11, 2025
Home » ඉරානයේ වැඩබලන ජනපතිධුරයට උප ජනපති පත් වෙයි

ඉරානයේ වැඩබලන ජනපතිධුරයට උප ජනපති පත් වෙයි

by sachintha
May 21, 2024 1:33 am 0 comment

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ අභාවයෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස එරට උපජනාධිපති 69 හැවිරිදි මොහොමඩ් මොක්බාර් පත් කිරීමට අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වැඩබලන ජනාධිපතිවරයා දින 50ක කාලයකට පත් කර ඇතැයි ද, එම කාලය ඇතුළත ඔහු ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි ද නිවේදනයක් නිකුත් කරමින් අයතුල්ලා කමේනි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ දිනයේදිම ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැති බවත්, ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ අභාවයෙන් පසු ඉරානය කිසිදු අයුරකින් පසුබෑමකට ලක්නොවන බවත් ඔහු එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඉබ්‍රාහිම් රයිසිගේ මරණය බරපතළ සිදුවීමක් වුවද, එය ඉරාන රජයේ පැවැත්මට කිසිදු අයුරක බාධාවක් නොවන බව ද වැඩබලන ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කිසිදු ආකාරයේ ඛේදවාචකයකින් ඉරානයේ සංවර්ධනය හෝ ඉදිරි ගමන් මඟ අඩාළ නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT