හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය, උඩමත්තල ග්‍රාමයේ අංක 281/1 නිවසේ පදිංචි ලොකුගමගේ නිහාල් සහ කංකානම් පතිරණගේ සුරංජි දම්පතීන් දෙපළගේ කනිටු පුත් ලොකු ගමගේ සසිඳු නිම්සිත කුල කුමරුවා මේ මස 23 වැනිදා එනම් වෙසක් පුර පසළොස්වක පොහෝදා පෙ:ව: 8.32ට යෙදෙන සුබ මොහොතින් සසුන් ගත කරයි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක මයුරපාද පරිවේණාධිපති ආචාර්ය වලේබොඩ ගුණසිරි මාහිමි සහ පැලැන්වත්ත සම්බුදු මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය,පන්විල සෝරත මාහිමිවරුන්ගේ උපාධ්‍යායත්වයෙන්, පන්නිපිටිය කළල්ගොඩ සිරි ගුණසේකර, ධර්මායතනාධිපති, කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ ධර්මාචාර්ය, ශාස්ත්‍රෙව්දී රම්මලේ අරිය විසුද්ධි හිමිගේ ආචාර්යත්වයෙන් සහ මහා සඟරුවනේ ආශීර්වාදයෙන් මේ පින්කම සිදු කෙරේ.
169