Thursday, May 15, 2025
Home » පොතුහැර දුටුගැමුණු මැදි විදුහලේ පානීය ජල ව්‍යාපෘතිය සිසු අයිතියට

පොතුහැර දුටුගැමුණු මැදි විදුහලේ පානීය ජල ව්‍යාපෘතිය සිසු අයිතියට

by sachintha
May 21, 2024 1:25 am 0 comment

විද්‍යාලයීය විදුහල්පති එල්.ජේ.එම්.සී.එස්. ජයසුන්දර මහතා ජල ව්‍යාපෘතිය සිසු අයිතියට පත් කළ අයුරුයි මේ.

කුරුණෑගල, පොතුහැර දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයට දැඩි අවශ්‍යතාවක්ව පැවැති පානීය ජල ව්‍යාපෘතිය සිසු අයිතියට පැවරීම පසුගියදා සිදුකෙරිණි. 1987 සාමාන්‍ය පෙළ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් මේ ව්‍යාපෘතිය සිදු කෙරිණි. ජාතික වොලිබෝල් කණ්ඩායමේ හිටපු නායක, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ආනන්ද වන්නිතිලක ගුරු මහතාගේ සංකල්පයකට අනුව පසිඳු මෝටර්ස් අධිපති, ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති ජානක හරිස්චන්ද්‍ර මහතාගේ මූලික ධන පරිත්‍යාගයෙන් සහ එම කණ්ඩායමේ

වෛද්‍ය තුෂාර ප්‍රියනාත් මහතා ඇතුළු සාමාජික සාමාජිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් හා සහයෝගයෙන් මෙය සිසු අයිතියට පත් කෙරිණි.

විදුහල්පති එල්.ජේ.එම්.සී.එස්. ජයසුන්දර, සහකාර විදුහල්පති මීගහවෙල සුමන හිමි, අතුල දිසානායක, රේණුකා දමයන්ති ගුරු මහත්ම මහත්මීන්ගේ ද සහාය මෙයට ලැබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT