177
ජාඇළ වෑවල ප්‍රදේශයේ සැරිසරන දැවැන්ත කිඹුලකු නිසා එම ප්‍රදේශයේ ජනතාව එම කිඹුලාගෙන් අනතුරක් සිදු වේ යැයි සිතා බියට පත්ව සිටිති.
වැසි සමය ආරම්භවීමත් සමඟ ජාඇළ වෑවල රසල්පාක් ප්‍රදේශයේ නිවැසියන්ගේ බල්ලන් වැනි සතුන් අතුරුදන් වීමට පටන් ගෙන තිබේ. එම ප්‍රදේශයේ ජනතාව මේ ගැන විපරම් කිරීමේදී දැක ඇත්තේ අඩි 08ක් පමණ දිග දැවැන්ත කිඹුලකු එම ප්‍රදේශයේ ඇති කුඩා ඇළ මාර්ගයක සිටින බවයි.
ප්‍රදේශයේ සිටින දරුවන්ට හෝ පුද්ගලයකුට යම් අනතුරක් වේ යැයි සිතා මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ වනජීවී කාර්යාලයට ඇමතුම් කිහිපයක් ගත්ත ද වනජීවී කාර්යාලයේ ඇති දුරකතන ඊට ප්‍රතිචාර නොදැක්වූ බව ප්‍රදේශවාසීහු පවසති.
ජාඇළ සමූහ ප්‍රසංග පෙරේරා