Home » ‘අතුරුදන්’ විනිසුරු අ‌ෙමරිකාවෙන් මතුවෙයි

‘අතුරුදන්’ විනිසුරු අ‌ෙමරිකාවෙන් මතුවෙයි

by sachintha
May 21, 2024 1:30 am 0 comment

ඉන්දියවේ දිල්ලි සහ උත්තර් ප්‍රදේශ් අතර නවදිල්ලි ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ 2006 දෙසැම්බර් මාසයේදී පැවැති තරගයේදී අතුරුදන් වූ සමීර් බන්දේකාර් විනිසුරු මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී විනිසුරුවෙකු ලෙස සේවයට එක්වෙයි. රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැරදිකරුවෙකු බවට පත්කළ සමීර් බන්දේකාර් විනිසුරු වසර 18කට පසු කරළියට පැමිණ තිබේ.

තරගයක් අතරතුරදී අතුරුදන් වූ සමීර් බන්දේකාර්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තරග ලබානොදීමට තීරණය කිරීමත් සමඟ ඔහු වසර කිහිපයකට පෙර අමෙරිකා පුරවැසිභාවය ලබා ගැනීමට තීරණය කළේය.

2006 දෙසැම්බර් 1 සිට 4 දක්වා පැවති රංජි කුසලාන තරගය අතරතුර අයහපත් ආලෝකය හේතුවෙන් ක්‍රීඩා කිරීම අත්හිටවූ අතර, ඒ සමඟ එහි විනිසුරුවන් දෙදෙනා අතරමගදී ක්‍රීඩාංගණයෙන් පිටත්ව ගොස් ඇත. විනිසුරුවන් ආලෝක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පැමිණ නොසිටි අතර, ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීම ආරම්භ කරන තෙක් බලා සිටියේය. තරග තීරකවරයා සහ විනිසුරුවරයෙකු විනාඩි 90කට ආසන්න කාලයක් ක්‍රීඩාංගණයෙන් අතුරුදන්ව සිටි බැවින් ඒ පිළිබඳ ඉන්දීය ක්‍රිකට් ආයතනයට පැමිණිලි යොමු විය.

දිල්ලි පිලේ ආරම්භක පිතිකරු සහ වත්මන් විස්තර විචාරක ආකාෂ් චොප්රාට දෙවැනි ඉනිමේදී ශතකයක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, දිල්ලි කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 13ක් ලබා සිටි කෝලි අවසන් දිනයේ ආකාෂ් සමගින් පිතිකරණය ආරම්භ කිරීමට නියමිතව තිබුණි. එහෙත් ඇතිවූ ව්‍යාකූල තත්ත්වය හමුවේ අවසන් දිනයේ තරගය අතහැර දැමූ බව නිවේදනය කළේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT