Home » ඉරාන ජනා­ධි­පති අභා­ව­යට ජන­පති සොව පළ කරයි

ඉරාන ජනා­ධි­පති අභා­ව­යට ජන­පති සොව පළ කරයි

by Gayan Abeykoon
May 23, 2024 1:00 am 0 comment

 ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඊයේ (22) පෙර­ව­රුවේ කොළඹ ඉරාන තානා­පති කාර්යා­ලය වෙත ගොස් අභා­ව­ප්‍රාප්ත ඉරාන ජනා­ධි­පති ඊබ්‍ර­හිම් රයිසි මහ­තාගේ හදිසි අභා­වය වෙනු­වෙන් සිය ශෝකය පළ කළේය. තානා­පති කාර්යා­ලය වෙත පැමිණි ජනා­ධි­ප­ති­ව­ර­යාව ශ්‍රී ලංකාවේ ඉරාන තානා­පති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් මහතා ඇතුළු කාර්ය මණ්ඩ­ලය විසින් පිළි­ගනු ලැබීය. අන­තු­රුව ඉරාන තානා­ප­ති­ව­රයා ඇතුළු පිරිස සමඟ කෙටි කතාබහ­කට එක් වූ ජනා­ධි­ප­ති­ව­රයා එහි තැන්පත් කර තිබු ශෝක සට­හන් පොතේ සට­හ­නක් ද තබ­මින් ජනා­ධි­පති ඊබ්‍ර­හිම් රයිසි මහ­තාගේ හදිසි අභා­වය වෙනු­වෙන් ඉරාන රජ­ය­ටත්, ජන­තා­ව­ටත් තමාගේ සහ ශ්‍රී ලංකා රජ­යේත්, ජන­තා­ව­ගේත් බල­වත් ශෝකය පළ කර සිටි­යේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT