ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්, කැලණිය ආසන සංවිධායක ධුරයෙන් සහ පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් නිකුත් කළ වාරණ නියෝගය ජූලි මස 21වැනිදා දක්වා දීර්ඝ කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා එදිනට විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට පෙරේදා (21දා) නියෝග කළේය.
සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සමක් සලකා බලමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා මහත්වරුන්ට පසුගිය පෙබරවාරි මස 19 වැනිදා නිකුත් කළ වාරණ නියෝග මෙලෙස යළි දීර්ඝ කිරීම සිදු විය.
නීතිඥ පුලස්ති රූපසිංහ, නීතිඥ සංජීව කළුආරච්චි, නීතිඥ අමින්ද පෙරේරා සමඟ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහත්වරු පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ලදි.