Sunday, May 11, 2025
Home » සම්බුදු උලෙ­ළට සැර­සෙයි මුළු රට…

සම්බුදු උලෙ­ළට සැර­සෙයි මුළු රට…

by Gayan Abeykoon
May 23, 2024 2:07 am 0 comment

ඉඹු­ල්ගොඩ රාජ­සිංහ විදු­හලේ සිසිල් පැන් දන්සල අද 

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණ­ති­ලක  

වෙසක් උත්ස­වය නිමිති කර­ගෙන ගම්පහ, ඉඹු­ල්ගොඩ රාජ­සිංහ මහා විද්‍යා­ලයේ ශිෂ්‍ය නායක මණ්ඩ­ලය මඟින් සංවි­ධා­නය කරනු ලබන සිසිල් පැන් දන්සල අද (23) පස්වරු 4.30 සිට විද්‍යා­ල­යීය ප්‍රධාන ගේට්ටුව අබි­ය­සදී, විදු­හ­ල්පති අම­ර­වීර මුද­ලිගේ මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැත්වේ.

 

තුසිත අධ්‍යාපන ආය­ත­න­යෙන් අද දන්සල් රැසක් 

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණ­ති­ලක   

කිරි­ඳි­වැල තුසිත අධ්‍යා­පන ආය­ත­නයේ ගුරු­ව­රුන් හා දෙම­ව්පි­යන්ගේ සහ­යෝ­ග­යෙන් දෙවන වර­ටත් පව­ත්වන දන්සල අද (23) පස්වරු 12.30 සිට එම අධ්‍යා­පන ආය­තන පරි­ශ්‍රයේ දී පැවැත්වේ.

මෙම දන්සල සුප්, පාන්, කඩල, රොටි, මඤ්ඤොක්කා, ආප්ප, තේ, කෝපි, කෙසෙල්, ගස්ලබු, අන්නාසි ආදී ආහා­ර­පා­න­ව­ලින් සම­න්වි­තය.

 

ගම්පහ සමු­ප­කාර රෝහලේ මින්ගෝ රයිස් දන්සල හෙට 

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණ­ති­ලක  

වෙසක් උත්ස­වය නිමි­ත්තෙන් ගම්පහ සමු­ප­කාර රෝහලේ සේවක සුබ­සා­ධක සංග­මය මඟින් 15 වැනි වර­ටත් පව­ත්වනු ලබන Òමින්ගෝ රයිස්Ó දන්සල හෙට (24) පස්වරු 7.00 සිට එම රෝහල් පරි­ශ්‍ර­යේදී, සභා­පති ලසන්ත නදීර කපු­රු­බ­ණ්ඩාර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැත්වේ.

 

සව් දන්ස­ලක්  

කිරි­ඳි­වැල සමූහ  

දොම්පේ ප්‍රාදේ­ශීය සභාවේ පුස්ත­කා­ලය සහ කිරි­ඳි­වැල ආයු­ර්වේද වෛද්‍ය මධ්‍ය­ස්ථා­නය සංවි­ධා­නය කළ සව් දන්සල කිරි­ඳි­වැල ප්‍රාදේ­ශීය සභාවේ ලේකම් අජිත් රණ­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැත්වූ අව­ස්ථාව.

 

බිය­ගම පොලි­සි­යෙන්  ත්‍රිරෝද රථ­ව­ලට  බෞද්ධ කොඩි 500ක් 

මල්වාන සමූහ – මහා­නාම විතා­නගේ  දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති 

මෙවර වෙසක් පොහොය නිමි­ත්තෙන් පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව ත්‍රිරෝද රථ­වල බෞද්ධ කොඩි ප්‍රද­ර්ශ­නය කිරීමේ නව වැඩ­පි­ළි­වෙළ යටතේ, බිය­ගම පොලි­සිය මඟින් සිය පොලිස් බල ප්‍රදේ­ශයේ ත්‍රිරෝද රථ­වල බෞද්ධ කොඩි ප්‍රද­ර්ශ­නය කිරීමේ වැඩ­ස­ට­හ­නක් ඊයේ (22) පෙර­ව­රුවේ පැවැ­ත්විණි.

මේ වැඩ­ස­ට­හ­නේදී නොමි­ලයේ බෞද්ධ කොඩි 500ක් ත්‍රිරෝද රථ­වල ප්‍රද­ර්ශ­නය කිරී­මට කට­යුතු කර තිබේ.

එහිදී බිය­ගම පොලි­සියේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චින්තන ලිය­නගේ මහතා ඇතුළු පොලිස් නිල­ධා­රින් විසින් බිය­ගම නිද­හස් වෙළෙඳ කලාප ත්‍රිරෝද රථ­ගාලේ හා මාර්ගයේ ධාව­නය වන ත්‍රිරෝද රථ­වල බෞද්ධ කොඩි සවි­ක­රනු ලැබූ අයුරු ඡායා­රූ­පයේ දැක්වේ. ප්‍රජා පොලිස් ඒක­කයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඩබ්.ඩී. වීර­සිංහ, රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක එල්.ඒ.ඩී.එස්. ජය­තිස්ස හා උප පොලිස් පරී­ක්ෂක ටී.බී.එන්. රාජ­ක­රුණා යන නිල­ධා­රී­හුද මෙහි වෙති.

 

විහාර මහා දේවි බාලි­කාවෝ තුන්ද­හ­සක් අට­සිල් සමා­දන් වෙති 

මල්වාන සමූහ – මහා­නාම විතා­නගේ  දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති 

මෙවර වෙසක් පොහො­යට සම­ගා­මීව කිරි­බ­ත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යා­ලයේ බාලි­කාවෝ තුන්ද­හ­සක් (3,000) පමණ දෙනකු පෙරේදා (21) එම විද්‍යා­ල­යේදී අට­සිල් සමා­දන් වූහ.    විදු­හ­ල්ප­තිනී දම­යන්ති මහා­ලක්ෂ මහ­ත්මි­යගේ හා නියෝජ්‍ය විදු­හ­ල්පති අජිත් අත්ත­නා­යක මහ­තාගේ උප­දෙස් අනුව විද්‍යා­ල­යීය බෞද්ධ සංග­මය මඟින් සංවි­ධා­නය කර තිබූ එම ශීල ව්‍යාපා­ර­යට පළමු වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පන්ති­වල අධ්‍යා­ප­නය ලබන බාලි­කාවෝ මෙසේ ශීල ව්‍යාපා­ර­යට එක් වී සිටි­යහ.

 

‘අපි සොයුරෝ’ සංග­ම­යෙන් නූඩ්ල්ස් දන්ස­ලක් 

මල්වාන සමූහ – මහා­නාම විතා­නගේ  

යබ­ර­ලුව ‘අපි සොයුරෝ’ එක­මුතු සංග­මය මඟින් සංවි­ධා­නය කරන ලද නූඩ්ල්ස් දන්ස­ලක් එළැ­ඹෙන 25 වැනිදා පස්වරු 6.00ට යබ­ර­ලුව ස්කෝල හන්දි­යේදී පැවැත්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT