223
කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය එක්ව සංවිධාන කළ බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රාත්‍රියේ විවෘත කෙරිණි. විදුලි ආලෝකය දල්වමින් බුද්ධ රශ්මි වෙසක් කලාපය ජනාධිපතිවරයා විවෘත කළ අයුරු. විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදාපති විකුම් ලියනගේ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. ඡායාරූපය – සුලෝචන ගමගේ