Saturday, May 10, 2025
Home » ණය ප්‍රතිව්‍යුහගතකරණයට පැරිස් සමාජය සහ චීනයේ EXIM බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමක්

ණය ප්‍රතිව්‍යුහගතකරණයට පැරිස් සමාජය සහ චීනයේ EXIM බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමක්

- මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

by sachintha
May 24, 2024 1:02 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභා රැස්වීම අවසන් වීමට පෙර රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පැරිස් සමාජය සහ චීනයේ ආනයන – අපනයන බැංකුව (EXIM) සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ‘දිනමිණ’ ට පැවැසීය. ඒ අනුව පැරිස් සමාජයේ නිල ණය කාරක කමිටුව සහ චීනයේ ආනයන අපනයන බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා උපරිම උත්සාහයක නිරතවන බව ද එය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවට පැමිණි පසුව මෙලෙස අවබෝධතා ගිවිසුමට අත්සන් කරන බව ද පැවැසීය.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධාන පිළිබඳ කඩිනමින් සමාලෝචනය කරනු ඇති අතර එම සමාලෝචනයට පෙර ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන මෙම සමාලෝචනය මඟින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 330ක අරමුදල් නිකුත් කරනු ඇති බව සඳහන් කළ ඇමැතිවරයා ඒ අනුව එම ණය වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය වැඩසටහනේ තෙවැනි වාරිකය බව ද පැවැසීය.

ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව ද හෙතෙම විශ්වාසය පළ කෙළේය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT