ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගැබිනි මව්වරුන්ට ආධාර පිණිස පිටබැද්දර – ගොරකවෙල ශ්‍රී ගංගාගිරි විහාරස්ථානය මගින් පිණ්ඩපාත චාරිකාවක් පැවැත්විණි.
මෙවර වෙසක් මංගල්‍යය නිමිතිකොට ගෙන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගැබිනි මව්වරුන්ට ආධාර පිණිස සංවිධානය කරන ලද පිණ්ඩපාත චාරිකාව වගච්චි කන්ද , නාත්තවිල, ගොරකවෙල ඇතුළු ප්‍රදේශවල සිට විහාරස්ථානය වෙත වැඩම කර තිබිණ. එම පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළ ස්වාමීන් වහන්සේ වෙත පූජා කළ සබන්, දත් බෙහෙත්, ඖෂධ වර්ග, බාම් වර්ග, කිරිපිටි, සීනි තේ කොළ, බිස්කට් වර්ග සහ නොයෙකුත් වියළි ආහාර ද්‍රව්‍ය විහාරස්ථානයට ගෙනැවිත් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගැබිනි මව්වරුන් වෙත බෙදා දීමට නියමිතය.
මෙම උදාර පිංකම දකුණු පළාත් ප්‍රධාන සංඝනායක, සිව් මහා විහාරාධිපති හැව්ඕවිට ඉන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී විපුලසාර පිරිවෙනේ පරිවේනාධිපති අධ්යක්ෂ, සියඹලාගොඩ සුමනසාර හිමියන්ගේ මග පෙන්වීම යටතේ විහාරාධිකාරී පණ්ඩිත ගොරකවෙල විනීත හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරනු ලැබිණ.
වැලිගම – අබේවික්‍රම ගුණරත්න