Home » නැවුම් තේ මංගල්‍යය 2024 මහෝත්සවය අද ගැටබරු රාජමහා විහාරයේදී

නැවුම් තේ මංගල්‍යය 2024 මහෝත්සවය අද ගැටබරු රාජමහා විහාරයේදී

by sachintha
May 24, 2024 1:01 am 0 comment

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්ව වාර්ෂිකව සංවිධාන කරන ‘නැවුම් තේ මංගල්‍යය- 2024’ මහෝත්සවය ඓතිහාසික කොටපොළ ගැටබරු රාජමහා විහාරයේදී අද (24) පෙරවරු 9.00ට ‌පැවැත්වේ.

සිංහල – හින්දු අලුත් අවුරුද්දෙන් පසු නෙළා ගත් පළමු තේ අස්වැන්නේ නැවුම් මුල් කොටස විහාරස්ථානයට පූජා කිරීම මෙහිදී සිදු කෙරේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහත්වරු සහභාගි වෙති.

නැවුම් තේ මංජුසා රැගත් පෙරහරක් සහ තේ කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන් උදෙසා ආශිර්වාද පූජාවක්ද මෙහිදී පැවැත්වේ.

මෙම ජාතික මහෝත්සවයට සමගාමීව ශ්‍රී දළදා මාලිගාව, නුවරඑළිය ස්වර්ණගිරි විහාරය, බදුල්ල මුතියංගණ රජමහා විහාරය, රත්නපුර මහා සමන් දේවාලය, අලුත්ගම කන්දේවිහාරය, හාවාඑළිය මුත්තුකුමාරි අම්මාන් කෝවිල, බණ්ඩාරවෙල ස්වර්ගා රෝහණ දෙව්මැදුර, ජුම්මා මස්ජිත් ඉස්ලාම් දේවස්ථානය, අරඹෙපොළ ජුම්මා මස්ජිත් ඉස්ලාම් දේවස්ථානය, නුවරඑළිය ශුද්ධවූ ත්‍රිත්ව දේවස්ථානය ආදී ආගමික ස්ථානවලදී ද නැවුම් තේ මංගල්‍ය ප්‍රාදේශීය උත්සව පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT