Thursday, May 15, 2025
Home » යාපනය දිස්ත්‍රික්කයේ 1,286කට ‘උරුමයෙන්’ සින්නක්කර ඉඩම් ඔප්පු

යාපනය දිස්ත්‍රික්කයේ 1,286කට ‘උරුමයෙන්’ සින්නක්කර ඉඩම් ඔප්පු

by sachintha
May 27, 2024 1:26 am 0 comment

‘උරුමය’ වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1,286ක් ජනතාවට පිරිනැමීම යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේදී පසුගියදා (24) සිදු වූ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඩම් හිමිකාරිනියකට ඔප්පුවක් ප්‍රදානය කළ අයුරු.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන්, නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස්, හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් මහත්ම මහත්මීන් හා ප්‍රදේශයේ මහජන නියෝජිතයෝද යාපනය දිස්ත්‍රික් ලේකම් මරදලිංගම් ප්‍රතීපන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහුද මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT