ජාතික තරුණ සේවා සභාව මඟින් යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පසුගියදා (24) සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ පිරිසක් සමඟ සුහද කතාබහකට එක් වුණේ මෙලෙසිනි.
යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට මෙහිදී අවකාශය සලසා තිබිණි. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.සී. චාර්ල්ස්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහත්ම මහත්මීහු සහ තරුණ තරුණියෝ විශාල පිරිසක් මේ අවස්ථාට එක්ව සිටියහ.
ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ කුසලතා විදහා දැක්වෙන සංස්කෘතිය ප්‍රසංගයක් නැරඹීමටද ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී එක් විය.