60
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී තවදුරටත් ජනාධිපතිවරයා විය යුතු බව කියමින් ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ. පී. ඩී. පී. පක්ෂ සාමාජිකයන් තිදෙනකු ඊයේ (26) ත්‍රිකුණාමලය නගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය.
මොවුන් පවසන්නේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට සුදුසුම ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එනිසා ඔහු ඉදිරියටත් ජනාධිපතිවරයා විය යුතු බවත්, මේ එක් දින සත්‍යග්‍රහයේ අරමුණ රටට පණිවිඩයක් දීම බවත්ය.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ. ටී. එම්. ගුණානන්ද