71
වෙසක් භක්ති ගීත ප්‍රසංගයක් සහ දන්සලක් පසුගියදා (23) සිරිකොත පක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ අදහසක් අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහතාගේ මඟපෙන්වීමෙන් මේ කටයුත්ත සංවිධාන කර තිබුණි.
කෝට්ටේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක දිනේෂ් විදානපතිරණ සහ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහත්වරුන්ගේ මූලිකත්වයෙන් භක්ති ගීත ප්‍රසංගය පැවැත්වූ අතර, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඇතුළු පිරිසක් විසින් දන්සලේ කටයුතු සංවිධාන කර තිබුණි.
නෙත්මි පූජනී රත්නායක, මැදකොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ