67
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි අගනුවර බෝපාල් හි කරුණා බුද්ධ විහාරස්ථ දායක සභාවේ බෞද්ධයන්ගේ හා මධ්‍ය ප්‍රදේශ් හි විසිරී සිටින බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් සාංචි චේතියගිරි විහාරය මෙහෙයවීමෙන් ප්‍රථම වරට පෙරේදා (25) අති උත්කර්ෂවත් පෙරහරක් සහ දන්සල් සමූහයක් සාංචි නගරය සහ චේතියගිරි විහාරය කේන්ද්‍ර කරගෙන පවත්වනු ලැබීය.
එදින පස්වරුවේ සාංචි බෞද්ධ විශ්වවිද්‍යාල භූමියේ රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ පරිශ්‍රයේ බෝධි පූජා පින්කමක් සහ සවස ගිලන්පස බුද්ධ පූජා පැවැත් වූ බව සාංචි චේතියගිරි විහාරවාසී උඩුගම තපස්සී හිමියෝ පැවැසූහ.
ජයසිරි මුණසිංහ