Home » සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට ADB දුන් ණය ඒ සඳහාම යොදවන්න CF CEYLON FEDERATION OF M S M E සභාපතිනී සසිකා ද සිල්වා

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට ADB දුන් ණය ඒ සඳහාම යොදවන්න CF CEYLON FEDERATION OF M S M E සභාපතිනී සසිකා ද සිල්වා

by sachintha
May 27, 2024 1:39 am 0 comment

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරටට ලැබුණු එක්සත් ජනපද ඩොලර් මිලියන සියයක (100) ණය මුදල ඒ සඳහාම යොදවන ලෙස CF CEYLON FEDERATION OF M S M E සභාපතිනී සසිකා ද සිල්වා මහත්මිය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංගම් වෙනුවෙන් රජයෙන් ඉල්ලා සිටී.

රටේ ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් කරගැනීමේදී සුළු හා මධ්‍ය පරිමාණ වසායකයන්ගෙන් ලැබෙන දායකත්වය ඉතා ඉහළයි. ඒ අනුව ඔවුන්ගේ දියුණුවට ආසියානු සංවර්ධන බැංකුවේ මෙලෙස ලැබුණ මුදල් සම්පූර්ණයෙන්ම යොදවන්න ලෙස CF ceylon Federation Of M S M E සභාපතිනී සසිකා ද සිල්වා මහත්මිය විසින් රජයෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.

“පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය ඇතුළු හේතු ගණනාවක් නිසා බිඳ වැටුණු ව්‍යාපාර යළි නඟාසිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය මුදල ඉතා විශාල සේවාවක් වෙනවා.

මේ මුදල් යොදාගෙන ණය පිරිනැමීමේදී දැනට ව්‍යාපාර දහසකුත් එකක් බාධක මැද පවත්වාගෙන යන සැබෑ ව්‍යවසායකයන්ට ඒ සඳහා ඉඩ දෙන්න.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හා කර්මාන්තකරුවන්ට නැඟී සිටීමට ණය මුදල් ප්‍රදානය කිරීමේදී ඔවුහු ණය තොරතුරු කාර්යංශයේ අසාධු ලේඛනයේ සිටීම පිළිබඳව නොසිතා ව්‍යාපෘතිය පදනම් කොටගෙන අලුත් ණය දීමට කටයුතු කළොත් බිඳ වැටී ඇති ආර්ථිකය නව ජීවයක් ලබමින් ක්‍රමිකව වර්ධනයක් කරා ළඟාවනු ඇති.”

 

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT