ගම්පොළ, දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩලැගුන්දෙණිය ප්‍රදේශයේ නිවාස දෙකක් මතට විශාල මාර ගසක් කඩා වැටීමෙන් තිදෙනකු තුවාල ලබා පන්විලතැන්න රෝහලට ඇතුළත් කර ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි.
දැඩි සුළඟ හා වර්ෂාව සමඟ මේ ගස කඩා වැටී ඇති අතර, ඒ හේතුවෙන් එම නිවාස දෙක සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.නිවාස දෙකෙහිම බඩු භාණ්ඩ ද විනාශවී ඇති අතර, එම නිවාසවලට ඇතුළුවීම අවදානම් බව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා විසින් සඳහන් කර තිබේ.
ගස් කොළන්වලින් ගහන මේ ප්‍රදේශයේ තවත් නිවාස දෙකක පදිංචිකරුවන් ඉවත් කිරීමට ද ග්‍රාම නිලධාරීවරයා පියවර ගෙන තිබේ. මේ නිවාස දෙකෙන් එක් නිවෙසක කාන්තාවක් තම දියණියන් දෙදෙනා බැලීමට නිවෙසින් පිටතට එන අවස්ථාවේ මේ විශාල ගස කඩා වැටෙන අයුරු දැක දිවගොස් ඇය දිවි බේරාගෙන තිබේ.
ගම්පොළ සමුහ-සුරංග දිල්හාන්