Saturday, May 10, 2025
Home » මත් කරල් 350ක් සමඟ පෑලියගොඩදී අයෙක් දැලේ

මත් කරල් 350ක් සමඟ පෑලියගොඩදී අයෙක් දැලේ

by sachintha
May 27, 2024 1:40 am 0 comment

මහා පරිමාණයෙන් මත්කරල් ජාවාරමේ යෙදුණු පුද්ගලයකු මත්කරල් තුන්සිය පනහක් සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ, දුටුගැමුණු මාවතේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු බව කියයි.

විශේෂ කාර්ය බළකායේ ශ්‍රී ජයර්ධනපුර කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකය ii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. කේ. කග්ගොඩආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ, දුටුගැමුණු මාවත ප්‍රදේශයේ නිවෙසක සිදු කළ වැටලීමකදී එහි සිටි පුද්ගලයකු සන්තකයේ Pregabalin නමැති මත්කරල් 350ක් සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු මේ මත්කරල් පෑලියගොඩ අවට ප්‍රදේශ රැසකට මහා පරිමාණයෙන් බෙදා හරින පුද්ගලයකු බවට තොරතුරු අනාවරණයවී ඇති බවත්, කලක සිට ඔහු මේ ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිසියට භාරදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත, අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීමෙන්, සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත, විශේෂ කාර්ය බළකාය ජයර්ධනපුර කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකය ii හි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. කේ. කග්ගොඩආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කර ඉදිරි පරීක්ෂණ පවත්වති.

 

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT