Home » අනුරපුර සාන්ත ජෝසප් විදුහලට පාපන්දු ජයක්

අනුරපුර සාන්ත ජෝසප් විදුහලට පාපන්දු ජයක්

by sachintha
May 27, 2024 1:31 am 0 comment

අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට අනුරාධපුර සාන්ත ජෝසප් මහා විදුහල් පාපන්දු කණ්ඩායම සමත් විය.

කොළඹ තුරඟ තරග පිටියේදී පසුගියදා පැවති මේ තරගාවලියේ ශූරතාව ගම්පොළ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම දිනාගත් අතර, මේ තරගාවලියට දිවයින පුරා පාසල් කණ්ඩායම් 50ක් සහභාගි විය.

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අවසන් තරගයේ නියමිත කාලය ලකුණු ලබා ගැනීමකින් තොරව නිමා වූ අතර, පසුව දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයන් තෝරා ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව ගම්පොළ කණ්ඩායමට ජය අත්විය.

වසර ගණනාවකට පසු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාපන්දු කණ්ඩායමක් මෙසේ ජාතික මට්ටමේ ජයග්‍රහණය හිමිකර ගැනීම විශේෂත්වයකි. සාන්ත ජෝසප් මහා විදුහල් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප්‍රවීණ පාපන්දු පුහුණුකරු ඩබ්ලිව්.එස්. නන්දසිරි මහතා කටයුතු කළේය.

අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT