ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා එම තරගාවලියේ දරුණු පරාජයකට මුහුණදීමෙන් පසු ඔහුගේ පවුල් ජීවිතය ද දෙදරා ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හර්දික් පාණ්ඩ්‍යාගේ පෞද්ගලික ජීවිතය ගැන දැන් අන්තර්ජාලයේ වේගයෙන් පැතිර යන කටකතාවලට අනුව හර්දික් පාණ්ඩ්‍යා තම බිරිය වූ සර්බියානු ජාතික නිරූපණ ශිල්පිනි නටාෂා ස්ටැන්කොවික්ගෙන් වෙන් වී ඇත.
හර්දික් – නටාෂා යුවළ දෙදෙනාම මේ කතාව ප්‍රතික්ෂේප කොට නැති අතර, නටාෂා ඇගේ ඉන්ස්ට්‍රග්‍රෑම් පරිශීලක නාමය ‘නටාසා ස්ටැන්කොවික් පාණ්ඩ්‍යා’ ලෙස මෙතෙක් තිබුණද, දැන් එම ගිණුම ‘නටාෂා ස්ටැන්කොවික්’ ලෙස ‘පාණ්ඩ්‍යා’ කොටස මකා දමා තිබේ.
ඇයගේ පුත් 4 හැවිරිදි අගස්ත්‍යා සමඟ සිටින ඡායාරූප හැර පාණ්ඩ්‍යාගේ පින්තූර ද මකා දමා ඇති බව සඳහන් වේ.
ඇතැම් මාධ්‍ය පවසන්නේ හර්දික් – නටාෂා යුවළගේ දික්කසාදය අවසන් වී ඇති බවත්, විසඳුමක් ලෙස, පාණ්ඩ්‍යා ඔහුගේ ධනයෙන් සියයට හැත්තෑවක් වන්දි ලෙස නටාෂා ස්ටැන්කොවික් වෙත පැවරීමට එකඟවී ඇති බවත්ය.
රෝහිත් ෂර්මාගෙන් පසු හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය භාරගත් අතර, බොහෝ තරගවලදී ‘හූ’ හඬ එල්ල වූවේය. එබැවින් පාණ්ඩ්‍යා පසුගිය කාලයේ දැඩි පීඩනයකට ලක් විය. දික්කසාද කටකතා මධ්‍යයේ, ලෝක කුසලානය සඳහා අමෙරිකාව බලා පිටත්ව ගිය පළමු ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයින් අතරේ පාණ්ඩ්‍යා සිටියේ නැත.
ප්‍රින්ස් ගුණසේකර