Friday, May 9, 2025
Home » නේපාලයේදී බුද්ධ ජයන්ති වෙසක් සැමරුම් ඉහළින්

නේපාලයේදී බුද්ධ ජයන්ති වෙසක් සැමරුම් ඉහළින්

by sachintha
May 28, 2024 1:12 am 0 comment

වෙසක් උත්සවය නිමිත්තෙන් නේපාලයේදී උත්සවමාලාවක් පවත්වා ඇතැයි කත්මණ්ඩු පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. පසුගිය සිකුරාදා ලුම්බිණි බෞද්ධ විශ්වවිද්‍යාලයේදි ‘බුද්ධ ධර්මය සහ ගෝලීය සාමය‘ තේමාව යටතේ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයකින් එම උත්සවමාලාව ආරම්භ වූ බවත්, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස නේපාල අගමැති පුෂ්ප කමල් දාහල් සහභාගි වූ බවත් කත්මණ්ඩු පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. කත්මණ්ඩු නුවර ඉන්දීය තානාපති කාර්යාලය සහ ලුම්බිණි සංවර්ධන භාරකාර මණ්ඩලය එක්ව සංවිධාන කළ එම උත්සවමාලාවට ඉන්දියාවේ සහ නේපාලයේ කීර්තිමත් බෞද්ධ විද්වතුන් විශාල පිරිසක් ද එක්වූ බව වැඩිදුරටත් වාර්තා වේ. බුද්ධ ජයන්තිය සැමරීමේ විශේෂ උත්සවයේ කේන්ද්‍රස්ථානය වූ ලුම්බිණි සංස්කෘතික මහ නගර සභාවේ පූජනීය උද්‍යානය වන සිද්ධාර්ථ කුමරුගේ ප්‍රතිමාව ආසන්නයේ කත්මණ්ඩු සහ ලුම්බිණියේ පාසල්වල සිසුන් විසින් නිර්මාණය කරනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනයක් සහ සංස්කෘතික අංග රැසක් පැවැති බවත් වැඩිදුරටත් වාර්තා වේ. බුදුරජ­ාණන් වහන්සේගේ විශ්වීය ඉගැන්වීම් ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වූ නේපාලයේ ලුම්බිණිය සහ ඉන්දියාවේ බුද්ධගයාව, සාරානාත් සහ කුෂිනගර් ශුද්ධ භූමි දෙරට අතර බෞද්ධ හවුල් උරුමය ශක්තිමත් කිරීමට ඉවහල් වී ඇතැයි නේපාලයේ ඉන්දීය තානාපතිවරයා ප්‍රකාශ කළ බව ද කත්මණ්ඩු පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT