Sunday, May 11, 2025
Home » තායිලන්ත රජුට අපහාස කිරීමේ චෝදනාවට විපක්ෂ මන්ත්‍රීවරියකට වසර 2ක සිර දඬුවම්

තායිලන්ත රජුට අපහාස කිරීමේ චෝදනාවට විපක්ෂ මන්ත්‍රීවරියකට වසර 2ක සිර දඬුවම්

by sachintha
May 28, 2024 1:13 am 0 comment

තායිලන්තයේ රජුට අපහාස කිරීමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව සිටි එරට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරියකට වසර දෙකක සිර දඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 31 හැවිරිදි චොන්තිචා ජැංගෘ නමැති එම මන්ත්‍රීවරිය වසර 2021දී තායිලන්ත ප්‍රජාතන්ත්‍ර හිතවාදී ව්‍යාපාරයේ උද්ඝෝෂණයකට එක්වෙමින් රජුට සහ රාජකීය පෙළපතට අපහාස වන පරිදි ප්‍රකාශයක් නිකුත් කිරීමේ චෝදනාව තහවුරු වීම හේතුවෙන් එරට චොංබුරි ප්‍රාන්තයේ අධිකරණය මේ සිර දඬුවම නියම කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

තායිලන්තය ලොව රාජකීය පවුල්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව දැඩි දඬුවම් පමුණුවන එකම රට වන අතර, අපහාස කිරීමේ චෝදනා යටතේ උපරිම දඬුවම් කාලය වසර 15ක් බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT