Saturday, May 10, 2025
Home » නාන්දූව සිරිනිවේසාරාමයේ ඉඳිකළ චෛත්‍ය රාජයාගේ කොත නිරාවරණය කළදා…

නාන්දූව සිරිනිවේසාරාමයේ ඉඳිකළ චෛත්‍ය රාජයාගේ කොත නිරාවරණය කළදා…

by sachintha
May 28, 2024 1:09 am 0 comment

මොරොන්තුඩුව පොල්හේන නාන්දූව සිරිනිවේසාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු කෙරිණි.

වසර සියයකට වඩා පැරණි මේ විහාරස්ථානයට අඩුවක්ව පැවති චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ‍ මාධ්‍යවේදී ජේ.ටී. ද සිල්වා මහතා, ඒ.වී. සාගරිකා ද සිල්වා මෙණවිය හා සුනේත්‍රා මදුරාවල මහත්මියගේ ධන පරිත්‍යාගයෙනි. විහාරාධිපති ඇහැළියගොඩ අමරජෝති හිමියන්ගේ ආරාධනයෙන් මහා සංඝරත්නය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන,සංජීව එදිරිමාන්න මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT