Home » ගම්පොළ ජිනරාජ බාලිකාවේ “සදහම් තෙමඟුල” වෙසක් වැඩසටහනින්…

ගම්පොළ ජිනරාජ බාලිකාවේ “සදහම් තෙමඟුල” වෙසක් වැඩසටහනින්…

by sachintha
May 28, 2024 1:10 am 0 comment

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් ගම්පොළ ජිනරාජ බාලිකා විදුහලේ විදුහල්පතිනී මාලා ඇරැව්පොළ මහත්මියගේ සංකල්පයක් අනුව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, බාලිකාවන් හා සුබපතන්නන් එක්ව “සදහම් තෙමඟුල” සැමරීම සඳහා සතියක වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. සීල, භාවනා, වෙසක් තොරණ, වෙසක් සැරසිලි, දන්සල්, වෙසක් නාට්‍ය හා බැති ගී පූජාවක් මීට ඇතුළත් විය. මෙහිදී විද්‍යාලයීය පෝතක බාලදක්ෂ අංශය විසින් සංවිධානය කළ වෙසක් වැඩසටහනට මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ කොමසාරිස්වරුන් වන ඩී.එල්. සෝමරත්න, මංජුල විජේසිරිවර්ධන, (සහාය දිසා කොමසාරිස් බාලදක්ෂ ගම්පොළ) මානෙල් දිසානයක, මානෙල් ලියනාරච්චි (සහාය දිසා කොමසාරිස් පෝතක බාලදක්ෂ ගම්පොළ) සහ විදුහල්පති මාලා ඇරැව්පොළ මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මේ එහි අවස්ථා කීහිපයකි.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT