2024 වර්ෂයේ මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ හෝමාගම ගලවිලවත්ත, සඟබෝ මාවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
දීර්ඝ කාලයක් තිස්සේ නිසි ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් දැඩි ලෙස අබලන් තත්ත්වයට පත්ව තිබෙන මෙම මාර්ගය හේතුවෙන් ප්‍රදේශවාසීන්ට අපහසුතාවයන් රැසකට මුහුණ දීමට සිදුව තිබිණි.
ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමට අනුව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ආරම්භ කෙරුණු මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ කඩිනමින් සිදු කිරීමට කටයුතු කෙරෙනු ඇත.
සහස්යා ඉන්වෙස්ට්මන්ට් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කේ. ඩබ්. කණ්ඩම්බි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.