Home » පාතාල කට් රිස්වාන් අත්අ­ඩං­ගු­වට

පාතාල කට් රිස්වාන් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
May 30, 2024 7:22 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වකු මෙන්ම පාතාල අප­රා­ධ­ක­රු­වකු වූ මොහො­මඩ් රිස්වාන් හෙවත් කට් රිස්වාන් නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් 5390ක් සමඟ පෙරේදා (28) මෝදර, ඉබ්බගේ වත්ත, බෝගස අස­ලදී කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු සිදු­කළ ප්‍රශ්න කිරී­ම්ව­ලින් අන­තු­රුව ඔහුගේ මාද­ම්පි­ටිය කිඹුලා ඇළ ප්‍රදේ­ශයේ නි‍ෙවසේ මල්පෝ­ච්චි­යක් යට වළ දමා තිබූ ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පා­දිත ටී කටස් වර්ගයේ ගිනි­අ­වි­යක් සහ ටී56 වර්ගයේ උණ්ඩ 10ක් පොලිස් භාර­යට ගෙන තිබේ.

මෙම සැක­කරු මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු මෙන්ම පාතාල අප­රාධ මෙන්ම මිනිස් ඝාතන රැසක් සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබූ­වෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT