මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම පාතාල අපරාධකරුවකු වූ මොහොමඩ් රිස්වාන් හෙවත් කට් රිස්වාන් නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5390ක් සමඟ පෙරේදා (28) මෝදර, ඉබ්බගේ වත්ත, බෝගස අසලදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුගේ මාදම්පිටිය කිඹුලා ඇළ ප්‍රදේශයේ නිෙවසේ මල්පෝච්චියක් යට වළ දමා තිබූ ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනිඅවියක් සහ ටී56 වර්ගයේ උණ්ඩ 10ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල අපරාධ මෙන්ම මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.