Home » අත්අ­ඩං­ගුවේ සිටි කංජි­පානි ඉම්රාන්ගේ පියා සහ වැඩි­ම­හල් සහෝ­ද­රයා ශරීර ඇප මත මුදාහරී

අත්අ­ඩං­ගුවේ සිටි කංජි­පානි ඉම්රාන්ගේ පියා සහ වැඩි­ම­හල් සහෝ­ද­රයා ශරීර ඇප මත මුදාහරී

by Gayan Abeykoon
May 30, 2024 7:44 am 0 comment

නිමන්ති රණ­සිංහ

විදෙ­ස්ග­තව සිටින පාතාල ක්‍රියා­කා­රි­ක­යකු හා මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු බව කියන කංජි­පානි ඉම්රාන් යන අයගේ මත්ද්‍රව්‍ය ජාවා­ර­මට ආධාර අනු­බල දෙමින් ඔහු අත්අ­ඩං­ගු­වට ගැනීම වැළැ­ක්වී­මට කට­යුතු කළැයි කිය­මින් මාලි­ගා­වත්ත පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගත් කංජි­පානි ඉම්රාන්ගේ පියා සහ වැඩි­ම­හලු සහෝ­ද­රයා එක් අය­කුට රුපි­යල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් මංජුල රත්නා­යක මහතා ඊයේ (29) නියෝග කෙළේය.

සැක­කාර පියාට අධි­ක­ර­ණ­යෙන් පනවා තිබූ විදෙස් ගමන් තහ­නම ඉවත් කළ අධි­ක­ර­ණය ඔහුගේ පුත්‍ර­යාට විදෙස් ගමන් තහ­න­මක් පැන­වීය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ මොහො­මඩ් නජීම් මොහො­මඩ් ඉම්රාන් නොහොත් ‘කංජි­පානි ඉම්රාන්’ යන අයගේ පියා වන නො. 99/08, ශ්‍රී සද්ධර්ම මාවත, මාලි­ගා­වත්ත, කොළඹ 10 පදිංචි මොහො­මඩ් ඊබ්‍ර­හීම් මොහො­මඩ් නජීම් සහ ඔහුගේ වැඩි­ම­හලු පුත්‍රයා වන මොහො­මඩ් නජීම් අබ්දුල් සාජිත් නමැ­ත්තන්ය.

කංජි­පානි ඉම්රාන් යන අයගේ මත්ද්‍රව්‍ය ජාවා­ර­මට හා එම සැක­ක­රුගේ ඇප­කරු වශ­යෙන් පෙනී සිටි­මින් ඔහු අත්අ­ඩං­ගු­වට ගැනීම වැළැ­ක්වී­මට ආධාර අනු­බල දුන්නැයි මාලි­ගා­වත්ත පොලි­සිය මෙම සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණේ පෙරේදා (28)දාය.  කංජි­පානි ඉම්රාන් යන අය පොලිස් නිල­ධා­රි­ය­කුගේ රාජ­කා­රි­යට බාධා කර­මින් බල­පෑම් කළ බවට වන නඩු­වක් සම්බ­න්ධ­යෙන් පෙරේදා (28) අධි­ක­ර­ණය හමුවේ නඩු­වක් කැඳ­වුණු අතර එම නඩු­වට සැක­කාර කංජි­පානි ඉම්රාන් පෙනී නොසි­ටීම හේතු­වෙන් ඔහුට විවෘත වරෙන්තු නිකුත් කර තිබිණි. එම නඩුවේ ඇප­ක­රු­වන් වන්නේ මෙම සැක­ක­රු­වන් දෙදෙනා ය. එම සිද්ධි­යට අදා­ළව කංජි­පානි ඉම්රාන් යන අය ඉකුත් 2022 වසරේ දෙසැ­ම්බර් මස 28 වැනිදා ඇප ලබා ගැනී­මෙන් අන­තු­රුව නැවත අධි­ක­ර­ණයේ පෙනී සිට නැත.

ඒ අනුව එම සැක­කරු විදෙස් රට­කට පලා ගොස් ඇතැයි පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT