Home » අනුර කුමාර උපාධි සහ­ති­කය අධි­ක­ර­ණ­යට භාර දෙයි
ජොන්ස්ටන්ට එරෙහි අප­හාස නඩුව

අනුර කුමාර උපාධි සහ­ති­කය අධි­ක­ර­ණ­යට භාර දෙයි

නඩු විභා­ගය ඔක්. 27 වැනිදාට කල් යයි

by Gayan Abeykoon
May 30, 2024 9:58 am 0 comment

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු දෙදෙ­න­කු­ගෙන් රුපි­යල් මිලි­යන 500ක වන්දි­යක් ඉල්ලා ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා පැවරූ අප­හාස නඩුව කොළඹ දිසා විනි­සුරු සඳුන් විතාන මහතා ඉදි­රියේ ඊයේ (29දා) විභා­ග­යට ගන්නා ලදි.

නඩුවේ පැමි­ණි­ලි­කරු වන ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක අධි­ක­ර­ණය හමුවේ සාක්ෂි දෙන ලදි. එහිදී ඔහු කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ලබා­ගත් විද්‍යා­වේදී (Bsc) උපාධි සහ­ති­කය ඇතුළු පාර්ලි­මේන්තු ලේඛන සිය නීති­ඥ­වරු මාර්ග­යෙන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරීම කළේය.

ඒකා­බද්ධ විපක්ෂ 2017 වසරේ ඔක්තෝ­බර් මස 15 වැනි දා තංගල්ල නගර සභා ශාලා­වේදී ‘ජාතික සම්පත් සුර­කිමු – දේශ­පා­ලන දඩ­යම නව­තනු’ යන මැයෙන් පැවැති රැස්වී­ම­කදී හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකා­ශ­යෙන් සහ එය විකා­ශය කිරී­මෙන් සිය කීර්ති­යට වූ හානිය වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 500ක වන්දි­යක් අය­කර දෙන ලෙස ඉල්ලා මෙම නඩුව පැමි­ණි­ලි­කරු සිය ලේඛ­න­ගත නීතිඥ ශානිකා සිල්වා මෙනෙ­විය මඟින් ඉදි­රි­පත් කරන ලදි.

පැමි­ණි­ලි­කරු සිය පෙත්සම මඟින් තමා මෙරට පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­යක් වන ජනතා විමුක්ති පෙර­මුණේ නාය­කයා බව හා පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­ය­ක­ව­රයා බව කියා සිටියි.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ­තාගේ ප්‍රකාශ බැලූ­බැ­ල්ම­ටම ද්වේශ­ස­හ­ගත, අප­හා­සා­ත්මක හා අසත්‍ය ප්‍රකා­ශ­යක් බව ප්‍රකාශ කරන පැමි­ණි­ලි­කරු එම ප්‍රකා­ශ­යෙන් තමාගේ අනා­ගත දේශ­පා­ලන බලා­පො­රොත්තු කෙරෙහි ඉම­හත් අලා­භ­යක් සිදුව ඇති බව පෙත්සම මඟින් සැල­කර සිටි­යේය.

තමාට සිදු වූ අප­හා­සය වෙනු­වෙන් වග­උ­ත්ත­ර­ක­රු­ව­න්ගෙන් රුපි­යල් මිලි­යන 500ක වන්දි­යක් ඉල්ලා 2017 වසරේ නොවැ­ම්බර් 06 වැනිදා එන්ත­ර­වා­සි­යක් යැවීම කළ ද එයට පිළි­තුරු නොදුන් බව පෙත්ස­ම්කරු කියා සිටි­යේය. ඒ අනුව විත්ති­ක­රු­ව­න්ගෙන් රුපි­යල් මිලි­යන 500ක වන්දි­යක් වෙන්වෙන්ව හෝ සාමූ­හි­කව අය­කර දෙන ලෙස සහ නඩු පැව­රීම සිදු­කළ දින සිට එයට නෛතික පොලිය ගෙවන ලෙස දන්වා තීන්දු­වක් නිකුත් කරන ලෙස මෙම පැමි­ණිල්ල සිය නඩු­ක­ර­යෙන් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීම් කර තිබේ.

නඩු විභා­ගය ඔක්තෝ­ම්බර් මස 27 වැනි­දාට කල් තැබීම සිදු­විය. පැමි­ණිල්ල වෙනු­වෙන් සුනිල් වට­ගල, සුසන්ත දොඩා­වත්ත ඇතුළු නීතිඥ මණ්ඩ­ල­යක් ඉදි­රි­පත් විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT