Home » නව හැවි­රිදි දැරි­යට හදි කළ බප්පාට දස­ ව­ස­රක සිර­ද­ඬු­ව­මක්

නව හැවි­රිදි දැරි­යට හදි කළ බප්පාට දස­ ව­ස­රක සිර­ද­ඬු­ව­මක්

by Gayan Abeykoon
May 30, 2024 9:07 am 0 comment

චන්දන ජය­වීර

මවු­පි­යන් වෙන්වීම නිසා අවු­රුදු 9ක දැරි­ය­කගේ රැක­ව­ර­ණය මවගේ සහෝ­ද­රි­ය­කට පවරා තිබිය දී සහෝ­ද­රි­යගේ සැමියා වන දෙදරු පියකු අවස්ථා කිහි­ප­ය­කදී එම දැරිය බර­ප­තළ ලෙස ලිංගික අප­යෝ­ජ­නය කර ඇති බව නිග­ම­නය කළ කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු අමල් රණ­රාජා මහතා බර­ප­තළ වැඩ සහි­තව වසර 10ක සිර­ද­ඬු­ව­මක් ඊයේ (29) ඔහුට නියම කළේය.

වින්දිත දැරි­යට රුපි­යල් ලක්ෂ­යක වන්දි­යක් ගෙවන ලෙස දැනුම් දෙමින් එය නොගෙ­වන්නේ නම් මාස 6ක ලිහිල් සිර­ද­ඬු­ව­මක් ද විනි­සු­රු­ව­රයා නියම කළේය.

මෙයට අම­ත­රව රුපි­යල් 50,000ක දඩ මුද­ලක් නියම කළ අතර එය නොගෙ­වන්නේ නම් මාස 6ක ලිහිල් සිර­ද­ඬු­ව­මක් නියම කෙළේය.

මවු­පි­යන් වෙන්වන අව­ස්ථා­වේදී දැරිය මවගේ භාර‍යට පත්ව ඇත. ජීව­ත්වී­මට ක්‍රම­යක් නොති­බුණු බැවින් දිය­ණිය පිළි­ය­න්දල ප්‍රදේ­ශයේ ජීවත් වූ සොහො­යු­රි­යගේ නිවෙසේ රඳවා තබා ගෘහ සේවිකා රැකි­යා­වක් සඳහා මව විදේ­ශ­ග­තව ඇත. මවගේ සොහො­යු­රි­යට පාසල් යන දරු­වන් දෙදෙ­නකු සිට ඇත. ඇය සිය දරු­වන් රාත්‍රී 6-9 අතර කාලයේ පැවැති අම­තර පන්ති සඳහා රැගෙන ගොස් තිබේ.

එම කාලය තුළ දැරිය ඇගේ සැමියා භාරයේ රඳවා ඇත. විත්ති­කරු අවස්ථා කිහි­ප­ය­කදී දැරිය බර­ප­තළ ලෙස අප­යෝ­ජ­නය කර තිබේ.‍

පියා, දැරිය බැලී­මට පැමිණි අව­ස්ථා­වක එම නිවෙසේ ජීව­ත්වී­මට අප­හසු බව දැරිය දන්වා ඇත. එවිට පියා දැරිය තම පාර්ශ්වයේ ඥාති නිවෙ­සක රඳවා ඇත. පුංචි අම්මා නිවෙසේ නැති අව­ස්ථා­වල බාප්පා කිහි­ප­ව­රක් තමන්ට අත­වර කළ බව දැරිය එහිදී හෙළි­කර ඇත‍.

මේ ගැන ඔවුන් ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට පැමි­ණිලි කර ඇති අතර ඔවුන් විම­ර්ශ­න­යක් පවත්වා තිබේ. නීති­ප­ති­ව­රයා විත්ති­ක­රුට එරෙ­හිව දණ්ඩ නීති සංග්‍ර­හයේ 365 වැනි වග­න්තිය යටතේ 2014 වසරේ ජන­වාරි 01 වැනි දා සහ ජූලි 19 වැනි දා අතර කාලය තුළදී බාල­ව­ය­ස්කාර දැරි­යක බර­ප­තළ අප­යෝ­ජ­නය කිරීමේ චෝද­නාව ඇතුළු අධි­චෝ­දනා 3ක් යටතේ නඩු පව­රන ලදි.

නඩු විභා­ග­යේදී චූදිත තැනැත්තා සහ තවත් සාක්ෂි­ක­රු­වකු හරස් ප්‍රශ්න­ව­ලට ලක්වෙ­මින් සාක්ෂි දෙන ලදි. එහිදී විත්ති­කරු තමන්ට එරෙ­හිව නඟා ඇති චෝදනා ප්‍රති­ක්ෂේප කළේය. විත්තිය වෙනු­වෙන් සාක්ෂි දීමට ඉදි­රි­පත් වූ අනෙක් තැනැත්තා වන චූදි­තගේ දරු­වාගේ සාක්ෂි­යෙන් වින්දිත දැරිය එම නිවෙසේ ජීවත් වූ බව සනාථ වන බව අධි­ක­ර­ණය නිග­ම­නය කළේය.

පැමි­ණිල්ල වින්දිත දැරිය හා අධි­ක­රණ වෛද්‍ය­ව­රයා සාක්ෂි සඳහා කැඳ­වන ලදී. බාල වය­ස්කාර දැරිය ලිංගික අප­හ­ර­ණ­ය­කට ලක්ව ඇති බවට අධි­ක­රණ වෛද්‍ය­ව­රයා විශේ­ෂඥ මත­යක් පළ කරන ලදි. දැරි­යගේ පියා සංචා­රක මඟ­පෙ­න්ව­න්නකු ලෙස කට­යුතු කර ඇති නිසා ඔහු ලිංගික සේවා සඳහා දැරිය යොමු­කර ඇති බවට විත්තිය ඉදි­රි­පත් කළ කරුණ වෙනත් සාක්ෂි මඟින් සනාථ කිරී­මට අස­මත් වූ බැවින් එම තර්කය අධි­ක­ර­ණය ප්‍රති­ක්ෂේප කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT