Home » කටු­ව­පි­ටිය බෝම්බ ප්‍රහා­ර­යෙන් වසර 5කට පසු ජීවි­තය හැර ගිය තිදරු මව තිළිණා

කටු­ව­පි­ටිය බෝම්බ ප්‍රහා­ර­යෙන් වසර 5කට පසු ජීවි­තය හැර ගිය තිදරු මව තිළිණා

by Gayan Abeykoon
May 30, 2024 8:27 am 0 comment

ඩී.මිහි­ඳු­කුල කොච්චි­කඩේ

“අම්මේ ඔයා ජීව­තුන් අතර සිටියා නම් අද මම ඔයා­ගෙන් ආශි­ර්වාද ලබා­ගෙන විභා­ග­යට යනවා නේදැයි“කිය­මින් කටු­ව­පි­ටිය බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල ලබා වසර පහක පමණ කාල­යක්  ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පසු­ගිය 27 වැනිදා මිය ගිය තිළිණා හර්ෂ­ණීගේ (39) වැඩි­මල් දිය­ණිය ලයරා ඇන්තනි නිවසේ තබා තිබූ මවගේ දේහය ඉදි­රි­පිට කඳුළු පිරි දෙනෙ­තින් බලා සිට එසේ පව­ස­මින්  පාසලේ වාර විභා­ග­යට ඊයේ(29)පිටත්ව ගියේ ගුරු­ව­රි­යක් සම­ඟිනි.

තිළිණා හර්ෂණී ඇගේ මවත් දරු­වන් තිදෙ­නාත්  සමඟ 2019 අප්‍රේල් මස 21වැනි දින උදෑ­සන නිව­සින් පිටව යන්නේ කටු­ව­පි­ටිය සාන්ත සෙබ­ස්ති­යන් දේව­ස්ථා­නයේ දේව මෙහෙ­යට සහ­භා­ගී­වී­ම­ටය. දේව මෙහෙය අව­සන් වෙමින් තිබුණි.

මාර­යාගේ බැල්ම කටු­ව­පි­ටිය ගම්මා­න­යම මළ ගෙයක් බවට පත් කරනු ඇතැයි ඔවුන් කිසි­වි­ට­කත් දැන සිටියේ නැත.

තිළිණා හර්ෂණී ඇගේ දරු පැට­වුන් තිදෙ­නාත් තැන තැන වැටී සිටි අයුරු තිළි­ණාගේ මව දුටු­වාය.මවට පළ­මුව කළ හැකි වූයේ කෑ මොර දීම පමණි.

ඒ වන විටත් තිළි­ණාගේ දෙවැනි දරුවා මෙලොව හැර ගොස්ය.

කටු­ව­පි­ටිය බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල ලබා දීර්ඝ කාල­යක් රෝහ­ල්ග­තව සිට නිව­සට පැමිණි අව­සන් තැනැ­ත්තිය තිළිණාය.

ඒ වන විට පූර්ණ සුවය ලබා නැති තිළිණා නිවසේ විශේෂ කාම­ර­යක පැය 24 පුරා­වට සිටි හෙදි නිල­ධා­රි­ය­කගේ සහාය ඇතිව කල් ගෙවු­වාය.

මුළු කටු­ව­පි­ටිය ග්‍රාම­යට කළු වලා­වක් ඇති කර­මින් පසු­ගිය 27 වැනි දින තිළිණා හර්ෂණී නමැති තිදරු මව සඳ­හ­ටම දෙනෙත් පියා ගත්තාය. ඒ බෝම්බ ප්‍රහා­ර­යෙන් වසර පහ­කට පසු­වය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT