380
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (30) දින අලුයම සිට විවෘත කර ඇති අතර , නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශයද වාන් දැමිමට පටන්ගෙන තිබෙයි.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසයි.
පවතින අධික වර්ෂාවත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් මදක් ප්‍රමාද වි ධාවනය කරවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් පැවසිය.