සාමය සඳහා වන අන්තර් ආගමික කවුන්සිලයේ ආසියාතික සංවිධානය හා සාමය සඳහා වන අන්තර් ආගමික ශ්‍රී ලංකා කවුන්සිලය මඟින් සංවිධානය කළ දෙදින විධායක කමිටු රැස්වීමේ අවසන් සමුළුව ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. රටවල් 40ක පමණ විවිධ ආගම් නියෝජනය කරන නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මේ සමුළුවට සංවිධානයේ වත්මන් සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ, මහලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වඩිනාගල පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ, ආචාර්ය බෙල්ලන්විල පේමරතන නායක ස්වාමීන් වහන්සේ, රදගුරු ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්, ස්වාමි ගුණානන්ද, මවුලවි එස්.එච්. ආදම්බාවා ඇතුළු සර්ව ආගමික නායකයන්, සාමය සඳහා ආසියානු සමුළුවේ මහලේකම් යොෂිනෝරි සිනෝහාරා සහ මහාචාර්ය ඩෙස්මන්ඩ් කැහිල් ඇතුළු පිරිසක් එක්ව සිටි අයුරු.
311
කලින් පුවත