235
බංග්ලාදේශයේ බිමාන් ගුවන් සේවයට අයත් යානයක් ගොඩබැස්වීමේදී යාන්්ත්‍රක දෝෂයකට ලක්වී ධාවන පථයේ අතරමඟ නැවතීමෙන් පැය 4කට ආසන්න කාලයක් එරට නිල්පාමරි නුවර සයිඩ්පූර් ගුවන්තොටුපොළේ සියලු ගමන්වාර අත්හිටුවීමට සිදුවූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.
මගීන් 60 දෙනකු රැගත් එම ගුවන් යානය නිරුපද්‍රිතව ධාවන පථයට ගොඩ බස්වා ඇති අතර, ඒ මොහොතේදීම යාන්ත්‍රික දෝෂයකට ලක්වී ඇතැයි වාර්තා වේ. ගුවන්තොටුපොළේ තාක්ෂණ නිලධාරීන් සහ ඉංජිනේරුවරුන් එක්ව එහි යාන්ත්‍රික දෝෂය නිවැරැදි කිරීමට කටයුතු කර ඇති අතර, ධාවන පථය අවහිර වීම නිසා පැය 4ක් ගත වන තුරු කිසිදු ගුවන්යානයකට ගොඩබැස්වීමට හෝ ගුවන්ගත වීමට නොහැකි වී තිබේ.