200
අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැඟිල්ලක සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් 7 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිපිරීම සිදුවී ඇත්තේ තට්ටු 13කින් යුතු රියල්ටි නමැති ගොඩනැඟිල්ලක බවත්, බැංකුව පිහිටා ඇත්තේ එහි පළමු මහලේ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ගෑස් කාන්දුවකින් පිපිරීම සිදුවී ඇතැයි මූලික පොලිස් පරික්ෂණයේදී අනාවරණය වී ඇති අතර, පිපිරීමත් සමඟ අතුරුදන් වූ බව කියන තවත් පුද්ගලයන් දෙදෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.