Saturday, May 10, 2025
Home » ලලිත් කොතලාවලගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම 11 වැනිදා

ලලිත් කොතලාවලගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම 11 වැනිදා

by mahesh
May 31, 2024 1:00 am 0 comment

නිමන්ති රණසිංහ

මරණයට පත් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ මරණයට හේතුව ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා සඳහන් කළේය.

මෙහි තීන්දුව ලබාදීම පසුගිය 28දා දිනට නියමව තිබුණද එම නියෝගය සකස් කර නොමැති බැවින් එය ලබන 11 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණය එලෙස තීරණය කළේය.

ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණ වාර්තාව පශ්චාත් මරණ පරීක්ෂක වෛද්‍ය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 22 වැනිදා අධිකරණයට භාරදී තිබිණී. එම වාර්තාව පදනම් කර ගනිමින් මරණයට හේතුව දැක්වෙන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා අධිකරණයෙන් එලෙස දින නියම කෙරිණි. කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්න යන අය බම්බලපිටිය පොලිසියට කළ පැමිණීල්ලකට අනුව මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවිණි.

ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළව ඔහුගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්න, ඔහු යටතේ සේවය කළ සේවක සේවිකාවන් කිහිපදෙනෙක් ඇතුළු අටදෙනෙකු පශ්චාත් මරණ පරික්ෂණයේදී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්හ.

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වූයේ ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මස 21 වැනිදාය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගිය අතර ඒ වන විට ඔහු 84 වියෙහි පසුවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT