කාන්තාවක් බලෙන් පැහැරගෙන ගොස් ත්‍රිරෝද රථයක් තුළදී සමූහ දූෂණය කිරීමේ සිද්දියකට වරදකරු වූ අයකු අධිකරණය මඟහරිමින් ඕස්ට්‍රේලියාවට පැන ගොස් නැවත පැමිණ සිටියදී වෙනත් වරදක් සඳහා අත්අඩංගුවට ගැනීමෙන් පසු පැරණි සිද්ධිය අනාවරණය වූ බව මදුරන්කුලිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය, මුක්කුතොඩුවාව පදිංචි මිරියාගාල්ල කන්කානම්ලාගේ විජීත් ලක්මාල් පෙරේරා නැමති 42 හැවිරිදි විවාහකයකු බව පොලිසිය පවසයි.
අදාළ තැනැත්තා 2010 වසරේදී ඔහුගේ මිතුරෙකු සමඟ එක්වී කාන්තාවක් බලෙන් පැහැරගෙන ගොස් රංචු ගැසී අදාළ කාන්තාව දූෂණය කිරීමේ චෝදනාවට මුන්දලම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර තිබුණි.
ඇප මත මුදා හැර සිටි මෙම සැකකරු දැන ගන්නට ඇති ආකාරයට ත්‍රිකුණාමලය ප්‍රදේශයෙදී ධීවර යාත්‍රාවක් පැහැරගෙන තවත් පිරිසක් සමඟ ඕස්ට්‍රේලියාවට ගොස් තිබේ. ඕස්ට්‍රේලියාවට ගිය සැකකරු නැවත වසර නවකයින් (9) පසු ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ ප්‍රදේශයෙ සැඟව පදිංචිව සිට ඇති බවත් පසුව මෑතක ඔහුගේ නැවත මුක්කුතොඩ්‍රවාවට පැමිණ ඇත.
එසේ පැමිණ සුළු කාලයක් රැඳී ඇති බවත් ඒ අතර තුළ වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මදුරන්කුලිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි මෙම සැකකරුගේ පැරණි සිද්ධිය අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
ඒ පිළිබඳව එවකට මුන්දලම පොලිසියේ අදාළ නඩුව සම්බන්ධව සොයා බැලීමේදී මෙම සැකකරු රටින් පලා යාම හේතුවෙන් කාන්තාව සමූහ ලෙස දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුත්තලම අධිකරණයේ නඩු අංක HC-17/2011 යටතේ අධි චෝදනා ගොනු කර චෝදනා තුනකට වරදකරු වූ මොහුට අනෙක් සැකකරුට 2015 වසරේ සිට බරපතළ වැඩ සහිතව වසර 16ක සිර දඬුවම් නියම කර තිබුණි.
නමුත් මෙම නඩුව සඳහා මෙම තැනැත්තා අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් විවෘත වරෙන්තු නිකුත් කිරීමට විනිසුරුවරයා කටයුතු කර තිබූ අතර අදාළ නඩුවට සම්බන්ධ අනෙක් සැකකරු අධිකරණයට ඉදිරිපත් වීම හේතුවෙන් ඔහු අදාළ වරදට වැරදිකරුකරමින් දඬුවම් නියම කර තිබුණි.
මදුරන්කුලිය පොලිසිය මඟින් අදාළ තැනැත්තා පුත්තලම අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිත තිබුණි.
මදුරන්කුලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මදුරන්කුලිය පොලිසියේ අපරාධ විමර්නෙ අංශ ස්ථානාධිපති කේ.ඒ.ඒ. ඩී.එස්. රන්ජන් මහතා ඇතුළු නිලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.