Saturday, May 10, 2025
Home » අඩු බර පාන් විකිණූ අලෙවි සල් 8කට නඩු

අඩු බර පාන් විකිණූ අලෙවි සල් 8කට නඩු

by mahesh
May 31, 2024 1:00 am 0 comment

නිමන්ති රණසිංහ

නියමිත බරට වඩා අඩු බරින් යුත් පාන් විකිණීම සඳහා ප්‍රදර්ශනය කළ බේකරි නිෂ්පාදන අලෙවි සල් 8කට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (30) නඩු පවරනු ලැබීය. පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රදීප් කළුආරච්චි නිලධාරියා විසින් මෙලෙස නඩු පවරනු ලැබුවේ කොළඹ 2, කොළඹ 9, කොළඹ 5, වැල්ලම්පිටිය, කොළොන්නාව යන ප්‍රදේශවල පිහිටි පෞද්ගලික බේකරි නිෂ්පාදන අලෙවි‍සල් අටකට එරෙහිවය.

ඒ අනුව මෙලෙස නඩු පවරනු ලැබුවේ මැලේ වීදිය කොළඹ 2 උදයර්ගෙදර මොහොමඩ් අමිර්ඩීන් මොහොමඩ් සලීම්, කොළොන්නාව පාර දෙමටගොඩ කොළඹ 9 මොහොමඩ් නියාස් මොහොමඩ් නිෆ්රාස්, කොළොන්නාව පාර වැල්ලම්පිටිය මොහොමඩ් ඉස්මයිල් හෙම්බතුල් කරීම්, තිඹිරිගස්යාය මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆස්මිල්, කොළොන්නාව පාර වැල්ලම්පිටිය සන්දනම් ගුණපාලන්, පල්ලියවීදිය කොළඹ 2 රාමචන්ද්‍රන් සරවනන්, කොළොන්නාව පාර කොළොන්නාව මංගෙදර සෙයියදු මොහොම්මදු මොහොමඩ් සහ හැව්ලොක් පාර කොළඹ 5 තුෂාර මිහිරංග එදිරිතිලක යන අයටය.

පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ විධාන අංක 93 විධානය කඩ කරමින් නියමිත බරට වඩා අඩු බරින් යුත් පාන් විකිණීම සඳහා ප්‍රදර්ශනය කර අදාළ වෙළෙඳසල් වරදක් සිදු කර ඇතැයි සඳහන් කරමින් එම අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වෙළෙඳසල් වටලා තිබුණේ ඉකුත් මාර්තු මස 27 වැනිදාය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ බේකරි නිෂ්පාදන හිමිකරුවන්ට ජූනි 11 දා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT