කුලියාපිටියේ 32 හැවිරිදි සුසිත් ජයවංශ තරුණයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නමැත්තා බීමතින් රිය පැදවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරු වීමෙන් රුපියල් 25,000ක දඩයක් නියම කෙරිණි. සැකකරුට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා විසින් මෙම දඩය නියම කළේය.
බීමතින් රිය ධාවනය කළ බවට කුලියාපිටිය පොලිස් රථවාහන අංශය මඟින් නඟා තිබූ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව සිඟිති නමැත්තාට එසේ දඩ නියම විය.
සුසිත් ඝාතන නඩුව කැඳවූ ඉකුත් 27 වැනිදා මෙම චෝදනාව ද නඟා තිබූ අතර අදාළ ඝාතන සිද්ධිවලට පෙර බීමතින් රිය පදවා සැකකරු පොලිසියට කොටු වී තිබිණි.
කුලියාපිටිය පොලිස් රථවාහන අංශයේ සැරයන් උපුල් විජේකෝන් (88608) අදාළ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීය.