Sunday, May 11, 2025
Home » අදත් වැස්සේ අඩුවක් නැහැ – ප්‍රවේසමෙන් කටයුතු කරන්න

අදත් වැස්සේ අඩුවක් නැහැ – ප්‍රවේසමෙන් කටයුතු කරන්න

by yasara
June 3, 2024 5:53 am 0 comment

weather

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT