Home » IMF තුන්වැනි ණය වාරිකයට අනුමැතිය ජුනි 12වැනිදා

IMF තුන්වැනි ණය වාරිකයට අනුමැතිය ජුනි 12වැනිදා

by chanaka
June 3, 2024 12:03 pm 0 comment

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ, හතරවන වගන්තියේ උපදේශනය සහ දෙවන සමාලෝචනය ජූනි 12 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල රැස්වීමේදී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ මෙම සැසියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය ඇගයීමට ලක්කරනු ඇති බවය.

ආර්ථික ස්ථාවරත්වය, වර්ධනය සහ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නංවන තුන්වන වාරිකය මුදාහැරීම සඳහා සාර්ථක සමාලෝචනයකට සියලුම රටවල අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT