Sunday, May 11, 2025
Home » කළු ගඟ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

කළු ගඟ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

by chanaka
June 3, 2024 12:12 pm 0 comment

කළු ගඟ ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48 තුළදී තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කිරි ඇල්ල, කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්ද නුවර සහ මදුරාවල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT