උසස් පෙළ විභාගයට පෙනී සිට ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ වික්‍රමසිංහ ආරච්චිගේ චිරාත් නිරෝධ සිසුවා විසින් හිමි කරගෙන ඇත.
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ චිරාත් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් ගනිමින් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව ඇත.
චිරාත් තම ජයග්‍රහණය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.
“මට මේ ජයග්‍රහණය ගන්න උදවු උපකාර කළ මගේ මවුපියන්ටත්, ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ සියලුම කාර්ය මණ්ඩලයටත්, මගේ හිතවතුන්ටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. මුල ඉඳන්ම කාලසටහනකට වැඩ කළේ නම් නෑ. නමුත් වැඩ එකතු වෙන්නෙ නැති විදිහට වැඩ කරගෙන ගියා. ඒ නිසා තමයි මට මේ ජයග්‍රහණය ගන්න පුළුවන් වුණේ. ඉගෙනීම් වැඩවලට වගේම බාහිර ක්‍රියාකාරකම්වලටත් සහභාගි වුණා. ඉංජිනේරු අංශයෙන් ඉදිරියටම යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.”
චිරාත්ගේ පියා වන ඩබ්ලිව්. ඒ. කුමාර මහතා
“මේ සතුට මට වචනවලට පෙරළන්න බැරි තරම්. පුතාට අපි උපරිම සහයෝගය දුන්නා. මේක අපේ පවුලේම ජයග්‍රහණයක්. උදේ පාන්දරම නාත්තන්ඩියේ ඉඳලා පාසලට යෑම ලොකු වෙහෙසක් වුණත් පුතා උනන්දුවෙන් සහ ආසාවෙන් ඒ දේවල් කළා. පුතා පොඩි කාලෙ ඉඳන්ම ඉගෙනීමට දක්ෂයි. පුතා විභාගයෙන් පළමු දස දෙනා අතරට එයි කියලා ලොකු විශ්වාසයක් තිබුණා.”
නෙත්මි පූජනී රත්නායක