Home » 2023 වන විට දිළිඳුබව 10% දක්වා අඩුකිරීම ඉලක්කයයි

2023 වන විට දිළිඳුබව 10% දක්වා අඩුකිරීම ඉලක්කයයි

- රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

by sachintha
June 3, 2024 1:57 am 0 comment

මේ වන විට 26%ක්ව පවතින මෙරට දිළිඳු බව 2027 වසර වන විට 15% දක්වා අඩු කිරීමටත්, 2030 වසර වන විට එය 10% දක්වා අඩු කිරීමට ඉලක්කගත වැඩසටහනක් ක්‍රියාත්මක වන නව නීති රාමුව සකස් කර ඇති බවත් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (01) අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, අලුත්වැව කුමාර මහා විද්‍යාලයට Digital Smart Board දීමේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“රට තුළ ඇති වූ ආර්ථික අර්බුදයෙන් නැවත රට ගොඩනැඟීමට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඉලක්කගත වැඩසටහන් ආර්ථික පරිවර්තනයක් ඇති කර තිබෙනවා.මේ digital smart board දීම විදේශ කටයුතු ඇමැති මනූෂ නානායක්කාර මහතාගේ අධ්‍යාපන වැඩසටහනකට අනුව සිදු කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රථම අදියර යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක එක් පාසලකට මේ ප්‍රදාන සිදු කෙරෙනවා.”

මෙහිදී විද්‍යාලයේ නව ශිෂ්‍ය නායකයන්ට ශිෂ්‍ය නායක ලාංඡන පැලඳවීම ද රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක, නීතිඥ කිත්සිරි අනුරාධනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජායාරූප – අනුරාධපුර අතිරේක

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT