Home » හැටන් කලාපයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ගොඩ නැගීමට සුවිශේෂී ව්‍යාපෘතියක්

හැටන් කලාපයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ගොඩ නැගීමට සුවිශේෂී ව්‍යාපෘතියක්

by chanaka
June 3, 2024 10:34 am 0 comment

ගුරු හිඟය හා සම්පත් බෙදී නොයාමේ විෂමතාව නිසා සිසුන්ගේ අධ්‍යාපනයේ අයිතිය අහිමි නොකිරීම උදෙසා මධ්‍යම පළාත් සභාව හා “IMHO”රාජ්‍ය නොවන සංවිධානය හා “මනිද නේදම්” පදනම හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ව්‍යාපෘතියක ආරම්හය සනිටුහන් කරමින් සම්පත් දායකයින් සදහා අදාල ගිවිසුම් පත්‍ර ලබා දීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මහනුවර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා(29) එය සිදු විණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ සෑම දරුවෙකුගේ ම අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කිරීමේ දැක්ම යටතේ සිදුකරන මෙම ව්‍යාපෘතිය මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පුර්න අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ ජාත්‍යන්තර වෛද්‍ය සෞඛ්‍ය ආයතනයේ සහයෙන් (International Medical Health Organisation -IMHO) සහ මනිදනේයම් යන ආයතනවල අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, ඒ සදහා ඔවුන් වසරකට ලක්ෂ 150 ක මුල්‍ය ශක්තියක් ලබාදීමට නියමිත ව ඇත.

මෙහිදී හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් හතළිහක පවතින ගුරුහිඟයට විසඳුමක් ලෙස ඉගැන්වීමේ ක්‍රියාවලිය සදහා මෙම සම්පත් දායකයින් වර්ෂයක කාලයක් සඳහා පාසල් සදහා අනුයුක්ත කෙරේ.මේ යටතේ දමිළ මාධ්‍ය සම්පත් දායකයින් 39 දෙනෙකු ද සිංහල මාධ්‍ය සම්පත්දායකයින් 11ක් වශයෙන් 50 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගනු ලැබූ අතර, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ගිවිසුම් ගතව හැටන් අධ්‍යාපන කලාප කාර් යාලයේ උපදෙස් හා සමීප අධීක්ෂණය යටතේ පාසල් අධ්‍යයන කටයුතු සදහා යොදා ගැනේ.

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබා නාසා ආයතනයේ සේවය කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන IMHO හි නඩරාජා සිව කුමාර් මහතා මෙම ව්‍යාපෘතියේදී හදුනාගත් සුවිශේෂී චරිතයක් බවත් ඔහු උපන් බිමට, උපන් ප්‍රදේශයට, ප්‍රතිඋපකාර කිරීම මගින් ලබා දී ආදර්ශය අති උතුම් බවත්, එවන් දේශ පුත්‍රයන් ලක්දිවට අවැසි මොහොතේදී නිසි සම්බන්ධීකරණයෙන් හා නිසි දැක්මෙන් යුතුව මධ්‍යම පළාතේ අධ්‍යාපන සංවර්ධන දැක්මට සහාය ලබා දීම පළාතේ දරුවන් ලැබූ ජයග්‍රහණයක් බවත් ය.

මධ්‍යම පළාතේ අධ්‍යාපන මට්ටම තවමත් බලාපොරොත්තු වන මට්ටමට ළඟා නොවීම සඳහා ගැටලු රැසක් අතරින් ගුරු හිගය ප්‍රධාන වන බවත් පසුගිය වර්ෂ කිහිපයේ රට මුහුණ දුන් කොරෝනා තත්ත්වය , ආර්ථික ගැටලු, දේශපාලන අස්ථාවතාභාවය ගුරු හිඟය මැඩ පැවැත්වීමට බාධක ලෙසින් තිබු බවත් වත්මන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රටට යම් ස්ථාවරභාවයක් ලැබී ඇති මොහොතේ ගුරුවරු බඳවාගැනීමේ ක්‍රියාවලිය පළාත තුල ක්‍රියාත්මක බවත් එසේ නමුත් ගුරු හිඟය එක වර විසදීමට නොහැකි බවත් ඒ සඳහා ක්‍රමිකව ක්‍රියාත්මක වෙමින් ඒ හා සමගාමීව මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කරන බවත් එතුලින් දරුවන්ගේ අධ්‍යාපනයට සහාය ලබා දීමට පළාත් සභාව වශයෙන් කටයුතු කරන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා, IMHO සංවිධානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක කේ. විග්නේෂ්වරන්, හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර් විජේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT