යාපනයේ චාවාකච්චේරි ප්‍රදේශයේ සුසාන භූමියක් අසලදී කාන්තාවකගේ අනියම් සැමියා විසින් එම කාන්තාව ගිනි තබා මරා දැමීමට සූදානම් වූ අවස්ථාවේදී කාන්තාව ගින්නෙන් බේරාගෙන ඇගේ අනියම් සැමියාව පොලිසිය විසින් පෙරේදා (01) අත්අඩංගුවට ගෙන තිබේ.
චාවාකච්චේරි ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන 45 හැවිරිදි රතිනවේල් භවානි තැනැත්තියව නිවසේ සිට යාපනය, ශාන්ත පතිරිසියාර් විද්‍යාලය පාර ප්‍රදේශයේ ක්‍රිස්තියානි සුසාන භූමිය වෙත රැගෙන එන ලද ඇගේ අනියම් ස්වාමි පුරුෂයා කාන්තාවගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිනි තබා ඇත.
ඇයව සුසාන භූමිය වෙත ඇදගෙන එමින් සිටි අවස්ථාවේදී සිද්ධිය දුටු පිරිසක් ඒ බව චාවාකච්චේරි පොලිසියට දැනුම්දීමත් සමඟම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී සිද්ධිය සිදුවන ස්ථානයට පැමිණ ඇත.
නිලධාරීන් පැමිණෙන විටම කාන්තාවගේ සිරුරට ගිනි තැබූ ඇගේ අනියම් ස්වාමි පුරුෂයා එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.
පොලිස් නිලධාරීන් වහාම ගින්න මැදට පැන කාන්තාව බේරාගෙන ගිලන් රථයක් මඟින් ඇයව රෝහල කරා රැගෙන ගොස් තිබේ.
පිලිස්සුම් තුවාල නිසා එම කාන්තව යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය බරපතළ මට්ටමක පවතියි.
පසුව පොලිසිය විසින් කාන්තාවට ගිනි තැබූ ඇගේ අනියම් ස්වාමි පුරුෂයාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව චාවාකච්චේරි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
අනියම් සැමියා ඇය සමඟ කාලයක් එකට ජීවත් වූ බව ගම්වාසීන් ප්‍රකාශ කරන අතර කාන්තාවට මෙසේ ගිනි තබා මරා දැමීමට හේතුව කුමක්දැයි පොලිසියට පවා මෙතෙක් හෙළි වී නොමැත.
උතුරු පළාත් විශේෂ
රසුල දිල්හාර ගමගේ